
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමට සහ කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය ලී යුංග් සීක් මහතා එකඟතාව පළකළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනය පරිදි කොරියනු රජයේ කම්කරු සහ රැකියා අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා අද (14) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් වසර 20 කට පසුව කොරියාවේ ඊ.පී.එස්. ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දීමේ හැකියාව ලැබෙනු ඇති බවත් කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වූ බවත් අමාත්‍යවරයා කීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අමාත්‍යවරු දෙදෙනා අතර නිල හමුව අද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා
don Friday, 15 September 2023 02:17 AM
මෙ වගෙ දේවල් හරි නම් කියන්න ඔන මාද්‍ය සකච්චාවකදි කොරියානු ඇමතිවරයයි. නමුත් ලංකාවෙ වෙන්නෙ එතුමා රටෙනුත් ගියාට පස්සෙ අපෙ අමතිවරු පට්ට බොරු දෙසාබාන එක. මෙක හැම වෙලාවෙම හැම ඇමති කෙනෙක්ම කරන පට්ට බොරුවක්.