
(අංජුල මහික වීරරත්න)
සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියෙන් අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කර ඇත.
ඒ අනුව ස්ථාවර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයට උපරිම සහාය ලබා දෙන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
2025 වර්ෂයට අදාළව ප්‍රකාශයට පත් කරන ලද රජයේ අයවැය ලේඛනය මඟින් පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ රජයේ සේවකයන් සඳහා විශේෂයෙන් මූලික වැටුප ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම මඟින් බරපතළ ලෙස අඩු මූර්ත අගයක් සහිත වැටුපක් ලද රජයේ සේවකයින් හට සාධාරණය සැලසීමට ඉහළම උත්සාහයක් කිරීම ප්‍රශංසනීය බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපතිට සුබ පතයි
Kamal Koyrala Thursday, 20 February 2025 01:37 PM
දැන් ඔබලගේ වාරය පරිපාලනයට අයත් දේ ක්ලීන් කිරීමට.