
(අංජුල මහික වීරරත්න)
සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් කොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ පසුගිය කාලයේ දී සිදු වී ඇති වංචා, දුෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වා ගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇතැයි රජය පවසයි.
මෙම සමාගම ආර්ථීකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වා ගෙන යාම මහජන අභිලාෂය වී තිබෙන්නේ යැයිද රජය සඳහන් කරයි.
ඒ සඳහා, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසු ගිය කාල පරිච්ඡේදයේ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදු කළ යුතුය.
එසේම, ගුවන් තොටුපොළ මෙහෙයුම සම්බන්ධයෙන් වගකීම පැවරී ඇති සීමාසහිත ගුවන්තොටු පොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත. ඒ අනුව, 2010-2025 කාල සීමාව තුළ ඉහත සඳහන් ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දුෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිකරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්. එම්. ගාමිණි විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාන්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා ගුවන් සමාගමේ වංචා හොයන්න ජනාධිපති කමිටුවක්
Neel Wednesday, 02 July 2025 02:37 PM
කට්ටියට බඩුම තමා...
Nishan Thursday, 03 July 2025 04:53 AM
ඔය වගේ රතු ලේබල් කන්ටේනර් 323 පන්නපු එක ගැනත් හොයන්නකෝ.