(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (13) සමත් විය.

 බංග්ලාදේශයේදී අද පැවති අවසන් පූර්ව තරගයේදී  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානයට එරෙහිව ලකුණක තියුණු ජයක් ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. 

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර  පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රීඩා කළ පකිස්ථාන පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ හැකි වූයේ හැකි වූයේ ලකුණු 121 ක් පමණි.