(යොහාන් භාසුර)

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (11) පස්වරුවේ දිවුරුම්දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය දක්වමින් පිරිසක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතාවක නිතර වූහ.

‘ජන අරගලය හැල්ලු නොකරනු’, ‘දූෂිත රාජපක්‍ෂලාට ඔක්සිජන් නොදෙනු’ සහ ‘මෛත්‍රීපාල දඩාවතේ යන බල්ලන් බැද දමන්න’ ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් එම කණ්ඩායම පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධය දැක්වූහ.  

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් නියෝජිතයන් පිරිසක් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර නිදහස් පක්‍ෂයේ පිරිස පැවසුවේ තමන් ද ශාන්ත බණ්ඩාරට විරෝධය දක්වන බවයි.

විරෝධතාකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වූ අයුරු.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)