( ටෝනි කරුණානායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21)නියම කලේය .
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුහු රිමාන්ඩ් බාරයේ සිටිති.
ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක
යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
මෙම නඩුවේ 04 වන සැකකරු වන එච්.ඩී නවරත්න ප්‍රේමතිලක යන අයගෙන් මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබා ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර (76309) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය .
සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් නොවිය.
COMMENTS
පොලීසියේ ඉතිහාසය පුරාවටම මෙවැනි දූෂිතයින් හමුවෙලා නැහැ.
ඇප ලබන්න සහ නිදහස් වෙන්න තරම් වරදක් කරලා නැහැ මගේ හිතේ...
බැලූ බැල්මටම චෝදනාව බරපතලයි. පුලුවන් වෙයි වළං හෝදන එක කොහොම වෙතත් දෙන්නගේ කුණු අතුල්ලා ගන්න...
ශානි, දෙවිවරු උඩ ඉන්නේ...
ඉල්ලුවේ රන්ජන්ගේ කුස්සියේ වළං හෝදන්න. ලැබුණේ සිපිරිගෙදර වළං හෝදන්න. අවුලක්ම නැහැ. කොහේ කරත් එකම රාජකාරියනේ... ඔහොම්මම කරගෙන යන්න දෙන්න...
බලය තිබුණු පළියට වැරැදි ලෙසට පාවිච්චි කළාම මෙහෙම වෙනවා.
මේ කරන දේශපාලන පළිගැනීම මහා අපරාධයක්... ශානි ඉතාමත් දක්ෂ නිලධාරියෙක්. දේශපාලකයෙක් ඔහුට කතාකරපු පමණින් ඔහු දූෂිතයෙක් වෙන්නේ නැහැ. ඕනෑතරම් දේශපාලකයින් විතරක් නෙමයි සාමාන්‍ය මිනිස්සුත් පොලීසිවලට කතාකරලා තමුන්ට සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය විස්තර ඕනෑතරම් අහනවා. ඒක කිසිසේත්ම බලපෑම් කිරීමක් නෙමෙයි. අනික බොරු සාක්කි හැදුවා නම් අනික් පාර්ශවයට ඒක බොරු බව පෙන්වන්න අවස්ථාවක් තියනවා. හරියට නඩුව ඇහැව්වා නම් ශානි බොරු සාක්කි හැදුවා කියලා කොහේවත් ඔප්පුවෙලා නැහැ. මේක තනිකර දේශපාලන පළිගැනීමක්.
නීතිඥයින් පෙනී නොසිටියේ ඇයි? වාර්තාකරණය කොට ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණා. නීතිඥයොත් සර්ට බය වෙලාද?
ශානි මෙහෙයවපු දේශපාලකයන්ගේ නඩු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඔලුවල තියෙන්නේ වහල්කම තමයි.