
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කර දඹුල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද ශීතාගාරයක් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පවසයි.
මෙම ශීතාගාරය ඉදිකර ඇත්තේ 2016 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුවය.
මේ සම්බන්ධයෙන් මෙම කමිටුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙම ශීතාගාරය ඉදිකර ඇති බවත් එය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින බවත් එම නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇතැයි කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.
මෙම ශීතාගාරය කෘෂිකාර්ම අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ලැබුනුදා සිට අද දක්වා අවුරුදු 73ක්ම හොඳටම කරලා තියන්නේ. තවදුරටත් ඔවුන්ව බලයට පත් කරන්න ඕනේද?
ඇයි වර්තා ඉල්ලනකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ගැන හොයලා බැලුවේ නැත්තේ ?
ශීතාගාරය වහලා දාලා ගොවීන්ගේ එළවලු පලතුරු කුණු වෙලා යනවා .එක එක දේශපාලුවන්ගේ උවමනා එපා කම් උනුන්ගේ වැසිකිලිවලටම ඔබලා සියලුම සංවර්ධන වැඩ පිළිබඳව තීන්දු තීරන හා සම්බන්ධීකරණ එකම ආයතනයකින් කෙරුවානම් ඉවරයිනේ
තව හොයල බැලුවොත් පහු ගිය අවුරුදු 40ක් ඇතුලේ ඔය වගේ මුල්ගල් තියපුවා, බාගෙට හදපුවා, ඇත ඇරලා දාපුවා, හදලා අත ඇරපුවා ඕන තරම් හොයාගන්න පුළුවන්
ඒ කාලේ ඇමති ගේ පොකට්ටුවට ගානක් ඇවිත් ඇති. එයාට ,එයාගේ පවුලට වැඩක් වෙලා ඇති. ( රුපියල් ට්‍රිලියන ගානක ණය වලින් කොමිස් ගියපු තව එක දුරධර්ශි හොරා කෑමක් )