
(ජේ.කේ.එල්. චාමින්ද)
ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත්වාගෙන යාමට තින්දුකොට ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (14) ගාල්ලේ දි පැවසිය.
ගාල්ල ධිවරවරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මේ පිළිබද අදහස් දක්වමින් ලංකාව වටේ තිබු ශිතාගාර දාහතරම පසුගිය රජයන් මගින් පුද්ගලික අංශයට ලබාදිලා තියෙනවා.
මෙකි ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු නැවත පුද්ගලික අංශයට ලබා නොදෙන්න අමාත්‍යංශය තිරණයකට ඇවිත් තියෙනවා.
එම ශිතාගාර රජය සතුව තියා ගන්නවා. සහල්වල වගෙම අයිස්වලත් එකාධිකාරියක් තියෙනවා. ශිතාගාර ධිවර වරායන්වල ස්ථාපිත කරලා ධිවරයන්ට අයිස් ලබාදිම වරායන් මගින් කිරිමට කටයුතු කරණවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධීවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දී පුද්ගලික අංශයට ලබාදී ඇති ශීතාගාර නැවත රජයට ලබාගතහොත් පාර්ලිමේන්තුවේ සිටිනා 159 jvp මන්ත්‍රී කණ්ඩායමේ වැටුප එකතුකළද විදුලිබිල ගෙවීමට නොහැකිබව තේරුම් ගන්න. ඒකාධිකාරිය බිඳදැමීමට මහජන මුදල් යොදවා විදුලිබිල නොඑවන්න වෙනත් ක්‍රම සොයාගන්න...!
හරී. ඒවායෙත් අවසානය. එකපාරයි කැඩෙන්න ඕනෙ. හදන්න ප්‍රතිපාදන නෑ කිව්ව. වල් වැදුන. කෑලිවලට වික්ක. මෙහෙමත් ගව සම්පතක්..
ඒකාධිකාරය රජයට තිබුනාම ඊට වැඩිය භයානක තත්ත්වයක්. පේනව නේද දුර ධාවන දුම්රිය ටිකට් එකක් ගන්නත් පගාව ඉල්ලීම. ශීතාගාර රාජ්‍ය අංශය යටතට ගියත් අන්ත දූෂිත රාජ්‍ය සේවය ඔය ව්‍යාපාරය විනාශ කරනව. ශ්‍රී ලන්කන්ය ගුවන් සේවය ලංවිම වී අලෙවි මණ්ඩලය සතොස... මේ මොන ආයතනයද රටට බරක් නොවී තියෙන්නේ.
අපේ පැත්තේ ඔය කියන අයිස්මෝල් ඒකාධිකාරයක් නැහැ. ඕනම කෙනෙක්ගෙන් අයිස් ගන්න පුළුවන්, පුළුවන් තරම් විවිධ සමාගම්වලට ව්‍යාපාර කරන්න දෙන එකෙන් ඒකාධිකාරයක් හැදෙන්නේ නැහැ...
රජය සතු කළයුතුයි. ධීවර, සමූපකාර හරහා එකී ධීවර වරායන්වල ලියාපදිංචි ධීවරයන් සහ මත්ස්‍ය වෙළෙන්දන්ට සාධාරණ මිලකට ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. කෙසේවෙතත් ඒකාධිකාරය බිඳලිය යුතුයි. දේශපාලන කුක්කන්ට පමණක් මෙරට පෝසතුන් වෙන්න බැහැ. සියල්ලන් පෝසත් විය යුතුයි.