
ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති ශීත කුණාටුව හේතුවෙන් සති අන්තයේ ගුවන් ගමන් 8,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 140 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවත්, විශේෂයෙන් අයිස්වලින් වැසී ඇති ප්‍රදේශවල සිදුවන හානිය සුළි කුණාටුවකට සමාන විය හැකි බව කාලගුණ අනාවැකිකරුවන් පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙය ඉතා දරුණු කුණාටුවක්, තීව්‍රතාවය සහ විෂය පථය අනුව මෙම සෘතුවේදී මෙතෙක් ඇති වූ විශාලතම කුණාටුව මෙය යැයි මේරිලන්ඩ් හි එක්සත් ජනපද කාලගුණ අනාවැකි මධ්‍යස්ථානයේ කාලගුණ විද්‍යාඥ ජේකොබ් ඇෂර්මන් විදෙස් මාධ්‍යට පවසා ඇත.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හසිනි නවෝද්‍යා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd