(රංජිත් රාජපක්ෂ)

ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (20) දින අලුයම ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය  වාන් දැමීමට පටන් ගෙන ඇත.

විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවෝ පවසති.