(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන අතර එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක් බිත්තර ලබා දෙන්න එකඟ වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආනයනය කරන ලද බිත්තර පරික්ෂා කිරීම සඳහා හමුදාවට මුලින් කන්න දුන්නා යැයි අමූලික බොරු කතාවක් පතුරවා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව ද කටයුතු කරන්නැයි නීති අංශ වලට උපදෙස් දෙන බව සඳහන් කළේය.
බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ අමාත්‍යංශයේ වගකීමක් බවද නලින් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමදාම කටින් බතල හිටවන අයගෙ කොමිස් එක කොහොමද? මෙ ලන්ගදි ප්‍රදන පෘවර්ති මද්‍යන් තුලින් දැක්කා අක්ශි තෙතමනය පවත්වාගෙන යෑම සන්ඳහා භාවිතා කරන අවුෂදයක වයිරසයක් හේවෙන් අන්ද භාවයට පත්වුනාය එම අවුශදය නිපදවිමෙදි භවිත කල ඉන්දියාවෙන් හා චිනයෙන් ගෙන්වනලද අමුද්‍රව්‍යක් කෙරෙහි සැක පහලවි අතිබවයි. ඉහත සිද්දිය වෙලා තිබුනෙ අමරිකාවෙ. ඉන්දියාවෙ කුරුලු උනත් පතිරෙනවාලු !! .
බිත්තරයක්වත් නිෂ්පාදනය කර ගන්න බැරි බංකොළොත් වෙච්චි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩදාන්නේ...? මැතිවරණ පවත්වලා රට කරවන්න පුළුවන් කණ්ඩායමකට රට බාරදීලා තොලොංචි වෙලා යනවා නම් ලොකු දෙයක්....
ඒකට තමයි වෙළඳ ඇමතිකම තියෙන්නේ
මොවුන් කරන්නේ අමූලික බොරුවක්. කුරුළු උණක් පෙන්වලා බිත්තර ආනයනය කරන්නේ නැතුව මෙහෙ ඉන්න බිත්තර ජාවාරම් කරුවන්ට උදව් දෙනවා.