(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේ පවත්වාගෙන ව්‍යාජ අංක තහඩු සකස් කිරීමේ ස්ථානයක් වටලා ව්‍යාජ අංක තහඩු සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ස්ථානයේ තිබී ව්‍යාජ අංක තහඩු 43 ක්, සහ රාජ්‍ය ලාංඡනය සහිතව සකස් කර තිබූ ස්ටිකර් 365 ක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
එම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කනගපුරම් ප්‍රදේශයේ පදිංචි (46) හැවිරිදි පුද්ගලයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ කරන වැරදි කරුවන්ව තමයි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ .නැතුව හදිසි කෝපය හින්දා මිනී මරණ අයව නෙමෙයි