IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වාහනයට ඉස්සර කරන්න නොදුන්නැයි පිස්තෝලය පෙන්නලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට රථයට ඉස්සර කරන්න ඉඩ නොදුන්නැයි උරනව තලංගම තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරට ගිනි අවියක් එල්ල කර බිය ගැන්වූ ප්‍රාඩෝ රථයේ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

ඔහු සතුව තිබූ 9 එම් එම් වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝල ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ මහසෙන් මාවතේ පුද්ගලයකු ඔහුට අයත් මෝටර් රථයෙන් හෝ කන්දර දෙස සිට තලවතුගොඩ  දෙසට ගමන් කරමින් සිටියදී එම කාර් රථයට පිටුපසින් සැකකරු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

ප්‍රාඩෝ රථය මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතත් අවස්ථාව නොලැබීම හේතුවෙන් උරණ වී තලවතුගොඩ හංදියේදී ආසන්නයේ දී ජීප් රථය මෝටර් රථය පසු කරගෙන ගොස් නවතා ප්‍රාඩෝ රථයේ රියදුරු විසින් ඔහු සතුව තිබූ පිස්තෝල ගිනි අවියක් පෙන්නුවා මෝටර් රථයේ රියදුරු බිය ගන්වා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථ රියදුරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රාඩෝ රථයේ රියදුරු ගිනිඅවිය සමග පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (11)

වාහනයට ඉස්සර කරන්න නොදුන්නැයි පිස්තෝලය පෙන්නලා

Aruna Saturday, 21 June 2025 09:16 AM

ඉතාම සතුටුයි. මේවගේ අයට නීතිය ක්‍රියාත්මක වීම දැකීම. නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ නොදිය යුතුයි.

:       1       8

Bunny Preena Saturday, 21 June 2025 09:40 AM

ප්‍රාඩෝ කාරයා කවුදැයි චිත්‍රපටිවල රඟපාන ආසාවෙන් පෙළෙන කෙනෙක් වත්ද?

:       0       7

Lalla Saturday, 21 June 2025 10:23 AM

ඔලුව ඉදිමුන උද්දච්ච සල්ලිකාරයෝ. බොහෝවිට සාධාරණ නොවූ ඉපැයීම්. කෙටි කාලීන ධනවත්කම්...

:       1       52

ලුම්බිණි Saturday, 21 June 2025 12:44 PM

බලපත්‍රය වහාම අවලංගු ක‍රන්න. කරපු වරදට හිරේ දාන්න.

:       1       67

පිටිගල මිලානෝ Saturday, 21 June 2025 02:02 PM

නීත්‍යානුකූල ගිණි අවියක් වුණත් වැරැදි පරිහරණයට ඇප නැත. උණ බහිනකල්ම ඉන්න හිරේ….

:       2       69

Nihal Saturday, 21 June 2025 08:41 PM

රැකියා ඒජන්සි කාරයෙක් වෙන්නත් පුළුවන්, රජයේ අනුමත අයකිරීම ලක්ෂ 5. ඒ වුණාට ලක්ෂ 10,15 අය කරන්නේ...

:       0       6

Namal sooriyabandara Saturday, 21 June 2025 09:02 PM

ආත්ම ආරක්ෂාවට තියන දේවල් වෙන එවුන් අතට ගියාම ඔහොම වෙනවා.. අවශ්‍යතාවයකට වෙන මනුස්සයෙකුටවත් නීත්‍යානුකූල අවියක් පාවිච්චි කරන්න බැරි තැනට ලංකාව ගේන ගෑණු වටේ යන කෙනෙක් ශුවර් එකටම

:       0       4

don Sunday, 22 June 2025 12:14 AM

අතිශය භයානක තත්වයක්... මෙවැනි දේ නැවත නොකරන්න මතක හිටින දඬුවමක් දෙන්නම වෙනවා.

:       0       7

Athula Sunday, 22 June 2025 12:27 PM

ප්‍රාඩෝ V8 වල යන වුන් හිතන් ඉන්නේ ඔවුන්ගේ වාහනයක් දැක්ක ගමන් අපි කාණුවකට බැහැලා අයට ඉඩ දෙන්න ඕනේ කියලා.. මේවා වෙනස් කරන්න බැහැ. මේ නීතී වලින් මෙහෙම කළ අයගේ වාහන ගිනිඅවි දේපළ රාජසන්තක කරන්න ඕනේ. ඒ වගේ මාසයක් ඇප නැතිව රිමාන්ඩ් කරන්න ඕනෑ නීතී ගේන්න.. කෝ සමාජ ආරක්ෂාව සාමාන්‍ය මිනිසුන්ට..?

:       0       10

Upali Monday, 23 June 2025 02:06 AM

නියමයි

:       0       3

Janaka Monday, 23 June 2025 01:56 PM

එහෙම ආයුද පෙන්වන එක අශිශ්ටයි. , ඒ වුනාට තමන්වව ඉස්සර කරන්න ඉල්ලන ඕනෑම කෙනෙකුට ඉඩදෙන එක ශිශ්ට කම. තමන්ට ඕනැ වේගයෙන් දකුනෙන් බඩගාන කාළකණ්ණි දැන්නම් රටේම කරදරයක් වෙලා. Accidents වැඩිවෙන්න ප්‍රදාන හේතුවක් දකුනෙන් බඩගාන්නො නිසා හොඳ රියදුරන්ගෙත් ඉවසීමේ සීමාව පනින එක!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site