
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට රථයට ඉස්සර කරන්න ඉඩ නොදුන්නැයි උරනව තලංගම තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරට ගිනි අවියක් එල්ල කර බිය ගැන්වූ ප්‍රාඩෝ රථයේ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
ඔහු සතුව තිබූ 9 එම් එම් වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝල ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ මහසෙන් මාවතේ පුද්ගලයකු ඔහුට අයත් මෝටර් රථයෙන් හෝ කන්දර දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් කරමින් සිටියදී එම කාර් රථයට පිටුපසින් සැකකරු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
ප්‍රාඩෝ රථය මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතත් අවස්ථාව නොලැබීම හේතුවෙන් උරණ වී තලවතුගොඩ හංදියේදී ආසන්නයේ දී ජීප් රථය මෝටර් රථය පසු කරගෙන ගොස් නවතා ප්‍රාඩෝ රථයේ රියදුරු විසින් ඔහු සතුව තිබූ පිස්තෝල ගිනි අවියක් පෙන්නුවා මෝටර් රථයේ රියදුරු බිය ගන්වා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථ රියදුරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රාඩෝ රථයේ රියදුරු ගිනිඅවිය සමග පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටුයි. මේවගේ අයට නීතිය ක්‍රියාත්මක වීම දැකීම. නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ නොදිය යුතුයි.
ප්‍රාඩෝ කාරයා කවුදැයි චිත්‍රපටිවල රඟපාන ආසාවෙන් පෙළෙන කෙනෙක් වත්ද?
ඔලුව ඉදිමුන උද්දච්ච සල්ලිකාරයෝ. බොහෝවිට සාධාරණ නොවූ ඉපැයීම්. කෙටි කාලීන ධනවත්කම්...
බලපත්‍රය වහාම අවලංගු කරන්න. කරපු වරදට හිරේ දාන්න.
නීත්‍යානුකූල ගිණි අවියක් වුණත් වැරැදි පරිහරණයට ඇප නැත. උණ බහිනකල්ම ඉන්න හිරේ….
රැකියා ඒජන්සි කාරයෙක් වෙන්නත් පුළුවන්, රජයේ අනුමත අයකිරීම ලක්ෂ 5. ඒ වුණාට ලක්ෂ 10,15 අය කරන්නේ...
ආත්ම ආරක්ෂාවට තියන දේවල් වෙන එවුන් අතට ගියාම ඔහොම වෙනවා.. අවශ්‍යතාවයකට වෙන මනුස්සයෙකුටවත් නීත්‍යානුකූල අවියක් පාවිච්චි කරන්න බැරි තැනට ලංකාව ගේන ගෑණු වටේ යන කෙනෙක් ශුවර් එකටම
අතිශය භයානක තත්වයක්... මෙවැනි දේ නැවත නොකරන්න මතක හිටින දඬුවමක් දෙන්නම වෙනවා.
ප්‍රාඩෝ V8 වල යන වුන් හිතන් ඉන්නේ ඔවුන්ගේ වාහනයක් දැක්ක ගමන් අපි කාණුවකට බැහැලා අයට ඉඩ දෙන්න ඕනේ කියලා.. මේවා වෙනස් කරන්න බැහැ. මේ නීතී වලින් මෙහෙම කළ අයගේ වාහන ගිනිඅවි දේපළ රාජසන්තක කරන්න ඕනේ. ඒ වගේ මාසයක් ඇප නැතිව රිමාන්ඩ් කරන්න ඕනෑ නීතී ගේන්න.. කෝ සමාජ ආරක්ෂාව සාමාන්‍ය මිනිසුන්ට..?
නියමයි
එහෙම ආයුද පෙන්වන එක අශිශ්ටයි. , ඒ වුනාට තමන්වව ඉස්සර කරන්න ඉල්ලන ඕනෑම කෙනෙකුට ඉඩදෙන එක ශිශ්ට කම. තමන්ට ඕනැ වේගයෙන් දකුනෙන් බඩගාන කාළකණ්ණි දැන්නම් රටේම කරදරයක් වෙලා. Accidents වැඩිවෙන්න ප්‍රදාන හේතුවක් දකුනෙන් බඩගාන්නො නිසා හොඳ රියදුරන්ගෙත් ඉවසීමේ සීමාව පනින එක!