(නාලක සංජීව දහනායක)
කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (28) පැවසීය.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව හා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හා එරට එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද ඔහු කීය.
එහෙත් වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 557 දෙනාගෙන් 204 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණ සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි පිරිස ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිත චීන ජාතිකයකු මෙරටින් හමුවීමත් සමඟ පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පැතිරයන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හෙතෙම පැවසීය.
කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඔවුන්ට කරදරයක් නොවේවා !
ඔය ටික සෞඛ්‍ය ඇමති තුමිය දන්නේ නැද්ද?
මේ බයිලා තේරෙන්නේ නැත්තේ මට විතරද ?
සෞඛ්‍ය ඇමැතිණියට කතා කරන්න දැන්නම් එපා. මොකද කට ඇරියොත් වෛරස් එළියට එන්නේ...
වූහාන්වලට ඍජු ගුවන් ගමන් නැහැ.. චීන ආණ්ඩුව අවසර දෙනවා නම් විශේෂ යානයක් වූහාන්වලට පිටත් කරන්නම වෙනවා.