
(යොහාන් භාසුර)
මෙම වසරේ පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දීමත් සමග රුපියල් බිලියන 165 ක් හෙවත් රුපියල් කෝටි 16,500 ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (20) පැවසීය.
සීවලී අරුග්ගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
එම ආදායම හේතුවෙන් රේගුවේ ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට හැකියාව ඇති බව කී අරුක්ගොඩ මහතා 2025 වසරට රුපියල් බිලියන 2,115 ක් හෙවත් රුපියල් කෝටි 211,500 ක ආදායම් ඉලක්කයක් ලැබී ඇති බව ද සඳහන් කළේය.
රුපියල් බිලියන 1,533 ක් හෙවත් රුපියල් කෝටි 153,300 ක ආදායම් ඉලක්කය ලැබූ අතර එම ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් පසුගිය වසරේ ඉපලූ බවත් මෙම වසරේ ජූනි මස මැද වන විට රුපියල් බිලියන 900 ඉක්මවමින් ආදායමක් උපයා ඇති බවත් ඒ මහතා කීය.
මෙම වසරේ පෙබරවාරි 1 වැනිදා සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන් අතර එදින සිට මෝටර් රථ 14,000 ක් පමණ ආනයනය කර ඇති බව කී ඒ මහතා රුපියල් බිලියන 165ක පමණ ආදායමක් උපයලා ඇති බව ද සඳහන් කළේය.
මෙම වසරේ මෝටර් රථ ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 450ක් ඉපයීමට බලාපොරොත්තු වන බව ද අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන හදපු කම්පැනිවත් මෙච්චර ආදායමක් ලබන්න නැතිව ඇති.
උජාරුවට ඕක කිව්වට ඔය වාහන පිටරටින් ගෙන්වන්න රටේ විදේශ විනිමය ගියාද?
බදු ආදායම් උපයන එක නම් හොඳයි. නමුත් ලෝකෙ කොහේවත් නැති තරම් මිලකට වාහන මිල ඉහල දමා ජනතාව තලා පෙලා ලබා ගන්නා බදු මුදල් මොකටද?
සමහරු කිව්ව වාහන සේල් වල වේලෙයි කියලා, දැන් ගන්න පුළුවන් එකා ගන්නවා, රටේ ඩොලර් අර්බුදය ගැන අවබෝධයක් ඇති එකෙක් කාර් වාහන ලාභ කරන්න කියන්නේ නැහැ.. වාහන සමගම ඉන්ධන අමතර කොටස් ඒවාටත් ඩොලර් යනවා... ඒ වගේම මහා මාර්ග, රට හොඳ වෙච්ච දවසක ලාබෙට ගමු. සේරටම කලින් පාරෙ විනය හදමු.
ඩොලර් මිලියන 550, ආනයන බද්ද රහිතව රටට ඩොලර් මිලියන 250-300ක් පිට ගිහින්. ඇත්තටම ලංකාවේ කෝටියක් දිලා වාහන ගන්න අය ඕනෑතරම් ඉන්නවා, හැබැයි වත්කම් බදු ගෙවන්නේ නෑ.
ඒක ලොකු දක්ෂතාවයක් නොවේ නේද? රටේ උගත් තරුණ පංතියට වාහනයක් ගන්න බැරි මට්ටමට බදු අයකර කලු කඩ බදු අයකර කලු සල්ලි ඉපැයු කණ්ඩායමට වාහන වෙලඳපොල අයිතිය දීල නේද? අවසාන ඵලය කලකිරීමට පත් උගත් වෘත්තිකයන් රට හැර යාම...
කුණුහරුප කතා කරන්න එපා.