(යොහාන් භාසුර)
වාහන අමතර කොටස් මිල සියයට 300 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කොළඹ පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවන් පවසන්නේ අමතර කොටස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවට නොහැකි වීම හේතුවෙන් දැඩි හිඟයක් පවතින බවත් සහ ඩොලරය අවප්‍රමාණය වීම නිසා ආනයන කරන අමතර කොටස් මිල ද කීපගුණයකින් ඉහළ ගොස් ඇති බවත්ය.
ජපානයේ නිෂ්පාදිත නමගිය වාහන නාමයන්වල නව වාහනවල අමතර කොටස්වල ද විශාල හිඟයක් ඇති බව කියන පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවෝ අදාල සමාගම් ආනයනය කරන අමතර කොටස් පිටතට නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කළහ.
මීට මාස හයකට පමණ පෙර රුපියල් 12,000 ත් 15,000 ත් අතර මිලක පැවැති එන්ජින් මවුන්ට් එකක් මේ වන විට රුපියල් 45,000 ත් 50,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහනයකට එන්ජින් මවුන්ට් තුනක් හෝ හතරක් ඇති බවත් අමතරක කොටස් අළෙවිකරුවෝ පවසති.
යුරෝපා රටවල්වල වාහනවල අමතර කොටස්වල එතරම් හිඟයක් නොමැති වුවද බහුලව භාවිතා කරන ජපන් නව සහ පැරණි වාහනවල අමතර කොටස්වල දැඩි හිඟයක් මෙන්ම විශාල මිල ඉහළ යෑමක් දැකිය හැකි බවත් ඔවුහූ වැඩි දුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිඟ නැති එකම භාණ්ඩය දේශපාලකයන්ගෙ කයිවාරුව විතරයි .
අලුත් වාහන ගෙන්වන්න දෙන්නෙ නැතිනම් , පරන ඒ්ව හදාගෙන දුවන්න අමතර කොටස් ගෙන්වන්න ඉඩ දෙන්න.
රනිල් රාජපක්ෂලා එකතුවෙලා රටට කරපු විනාශය තමයි...!
රටට අවශ්‍ය විදේශ විනිමය බින්දුවටම බැස්සෙව්වෙ කබ්රාල් සමග රාජපක්ෂලා එකතුවෙලා. දැන් ඉතින් මේක යථාතත්වයට ගේන්න කෙටිකාලීන හා දිගු කාලීන වැඩපිලිවෙලක් අවශ්‍යයි. එතකම් මේ ආනයන භාණ්ඩ හිගයට මුහුණ දෙන්න වෙනවා.
මොන බොරුද මේ කියන්නෙ NSK ස්න්නාහ නාමය දරන බෙයාරින් මිල ආනයන කරන සමාගම මිල පහුගිය සතියෙ මිල 30%න් අඩු කරා.