
(මොහොමඩ් ආසික්)
දිට්වා සුළි කුණාටුවෙන් බරපතල ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් මේ මස 15 වනදා වන විට අවසන් කිරීමටත් ලබන මස මුලදී පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරිමටත් මේ වන විට පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 27 වනදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අනෙකුත් අංශවලට මෙන්ම මෙරට දුම්රිය මාර්ගයටද බරපතල හානි සිදු වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 ක් දැඩි ලෙස නායයෑමට ලක්ව තිබිණ. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ගය වැල් පාලමක් මෙන් එල්ලෙමින් තිබෙනුද දකින්නට ලැබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd