(ආර්.එෆ්.එම්.සුහෙල්)
ලිඳුල නගරයේදී (තලවකැලේ - ලිඳුල) නවතා තිබූ වාහන කිහිපයකට දැඩි හානි සිදුවන අයුරින් ගැටී අද අලුයම 4.30ට පමණ අනතුරක් සිදු කළ කැබ් රථයක්, නොනවත්වා පළාගොස් තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාර්ග අයිනේ නවතා තිබූ මෝටර් රථයක්, කුඩා ප්රමාණයේ වෑන් රථයක් සහ යතුරුපැදි දෙකකි.
බෝලේරෝ (Bolero) වර්ගයට අයත් කැබ් රථයක් මෙම වාහනවල ගැටීමෙන් පසු රියදුරු විසින් රථය නොනවත්වාම ධාවනය කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයට මෙන්ම අනෙක් වාහන තුනටද දැඩි අලාභහානි සිදුව ඇත.
අදාළ කැබ් රථය අනතුර සිදුකර පළායන ආකාරය අවට සවිකර තිබූ CCTV කැමරාවල පැහැදිලිව සටහන්ව තිබේ.
එම CCTV දර්ශන උපයෝගී කරගනිමින්, පළාගිය කැබ් රථය සහ එහි රියදුරු සොයා පොලිසිය මේ වනවිටත් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd