
(එච්. චන්දන)
දැඩි වර්ෂාවත් සමග අනපේකෂිත ජලය ගලා ඒම හේතුවෙන් පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගයේ පුත්තලම හලාවත අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබේ.
මුන්දලම සහ මංගලඑළිය අතර දුම්රිය මාර්ගයේ මීටර් 100 ක් පමණ ස්ථාන කීපයකදී හානියට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ.
මීට පෙරත් වැසි ජලයෙන් යටවී ගියත් කිසිදු දිනක මේ ආකාරයට දුම්රිය මාර්ගයට හානි සිදු වී ඇති අකාරයක් දක්නට නොලැබුණු බව නොමැති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
ඇතැම් ස්ථාන වල දුම්රිය මාර්ගයේ යොදා තිබූ සිල්පර කොට ජලයේ ගසා ගෙන ගොස් ඇති බවක්ද දක්නට ලැබේ.
කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරත්ත කාරයින්ට සුද්දෝ දුම්රිය මාර්ග හදලා දෙන්න ගිහිල්ලා තමයි සුද්දන්ටත් වැරදුනේ... අර නෙලුම් කුළුණ වගේ උස කුළුණු ටිකක් හදලා දැම්මා නම්, මේ රැළ කුළුණටත්, වැඳලා සුද්දන්ටත් හතරගාතෙන් වැඳගෙන ඉන්නවා අදටත්...
දුම්රිය මග වුනත් නඩත්තුව කරන්න ඕන කියල හිතන්න පුලුවන් එවුන් පාලනයේ නෑ. මෙතෙක් කල් නොවුන දේ දැන් වෙනවානේ රටට. දේව ශාපය.
අපිට විශාල ශබ්දයක් ඇහුණා. ඒ එක්කම අපිට පණිවිඩයකුත් ලැබුණා. ලංකාවේ කවදාවත් නොවුණු විදිහේ ආපදාවල් සිද්ද වෙන්න පටන් ගත්තා කියලා...