
(ඩයනා උදයංගනී)
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව ඇත.
බදුල්ලට ඇද හැලුණු තද වැසි හේතුවෙන් බදුලු ඔය පිටාර ගලා ඇති අතර එක් මරණයක් ද වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ නිවාස 210 කට පමණ හානි සිදුවීමෙන් පවුල් රැසක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙසෙල්ගමු ඔයද පිටාර ගලා පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
ඉහළ කොත්මලේ, ලක්ෂපාන සහ දැදුරු ඔය ජලාශ පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ඒවායේ වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින තද වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑමේ අවදානමක් ද මතුවිය හැකි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉදිරියේදීත් තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බැවිම් ධීවර කටයුතු කිරීමේදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(සමන් පාලිත නානායක්කාර)


(ප්‍රසන්න පද්මසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයින් අධාර්මික වනවිට මෙවැනි විපත් එනවා. රාජා භවතු ධම්මිකෝ