IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැස්සෙන් පීඩිත අයට සහන දෙන්න මුදල් වෙන් කරයි

 

(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය හරහා වෙන් කර තිබෙන බවත් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් කඩිනමින්  සපයන ලෙසත්  එම ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

මෙහිදී සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ රේඛීය අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන ලෙසත්, සහන වැඩපිළිවෙලේ දී රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 11කට බලපෑ තද සුළං, නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක පවුල් 15,404ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2022 ඔක්තෝබර් 16 දින නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජීවිත හානි 03ක් වාර්තා වන අතර පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. පූර්ණ නිවාස හානි 05ක් ද, අර්ධ නිවාස හානි 193ක් ද සිදුව ඇති බව එම වාර්තාවේ සඳහන් කර ඇත. 

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් පවුල් 439ක පුද්ගලයන් 1927 දෙනෙක් දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක රඳවා සිටින බව එහි සඳහන් වේ.



අදහස් (0)

වැස්සෙන් පීඩිත අයට සහන දෙන්න මුදල් වෙන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site