(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 13,902 කට අයත්, 55,435 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතරින් අවතැන් වූ පවුල් 275 කට අයත් 1,146 දෙනකු ආරක්ෂිත ස්ථාන 14 ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.
මෙම ආපදා තත්වයෙන් නිවාස 178 කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 5 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 9,475 කට අයත් 41,122 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කොඩිප්පිලි මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් අවතැන් පිරිස තව වැඩි වේ