IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වසරකදී දරුවෝ විසිදාහක් පාසලට සමුදෙති

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ සමාජමය කාරණා හේතුවෙන් සෑම වර්ෂයකම දරුවන් විසිදාහක් පමණ පාසල හැර යන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා  ලංකාදීපයට පැවසීය.

මීට පෙර වසර වල එම සංඛ්‍යාව තිබී ඇත්තේ 16000ක මට්ටමේය.

සිසුන් වැඩිපුරම පාසල් හැර යන්නේ 8,9 ශ්‍රේණිවලදී  සහ අපොස සාමාන්‍ය පෙළින් පසුව බව පෙනී ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් තොරතුරු රැස්කිරීමට ළඟදීම සංගණනයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද  සඳහන් කළේය.

දරුවන් පාසල් හැර යෑමට හේතු සොයා බලා එය වළක්වා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණ බවද මධුර සෙනවිරත්න  මහතා කීවේය.

දරුවන් මෙලෙස විශාල වශයෙන් පාසල හැර යෑම බරපතළ සමාජමය  ඛේදවාචකයක් බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති.



අදහස් (4)

වසරකදී දරුවෝ විසිදාහක් පාසලට සමුදෙති

ටිල්වින් සීයා Saturday, 02 August 2025 11:27 AM

ඔය විසිදාහට පන්ති පහ දාලා මොල හෝදන්න ක්‍රමයක් හිතන්න ඕනෑ...

:       4       4

Duminda Jayanath UdayakumaraSaturday, 02 August 2025 05:36 PM

කළින් ඉවතු වුණු සෙට් එක පොහොට්ටුවටයි, සජබයටයි එකතු වෙලා ඉන්නේ, විශේෂයෙන් හෝදන්න දෙයක් නෑ.

:       0       0

Abilin Saturday, 02 August 2025 06:24 PM

එහෙම වසරකට 16000 බැගින් අවුරුදු 76 ක්වූ පසුගිය කාලයේ පාසල් හැර නොගියා නම් වත්මනේ ආණ්ඩුව ඇතිවෙන්නේ නැහැ. ඔහොම යන්න දෙන්න ආණ්ඩුව සදාකාලිකව පවත්වන්න පුළුවන් වේවි. ටිල්වින් සීයාගේ අදහසත් ක්‍රියාත්මක කරන්නකෝ...!

:       0       0

Rata Perata Saturday, 02 August 2025 02:32 PM

මේ සමහරු පලකරන අදහස් දැක්කාම හිතාගන්න පුළුවන් කොච්චර නූගත් අය ඉන්නවාද කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site