
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (01) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 4ක කාලයක් තුළ කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ණය හිමියන්ගෙන් ණය සහන මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව ඔවුන් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කරන බවට ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් උත්සාහයක් ගැනීම ඉතා වැදගත් බව මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට සියල්ල ඇතුළත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලබා දීම සඳහා සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට ඉකුත් 24 වෙනිදා සිට අද (01) දක්වා පීටර් බෘවර් සහ මසහිරෝ නොසාකි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනොපායන් ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථිකය නැවත පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
දැඩි ප්‍රතිපත්ති මත රජයේ අදායම ඉහළ නංවා ගැනීම, ඉන්ධන සහ විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්ට වැය කරන මුදලට සරිලන මුදලක් අය කර ගනිමින් එම රාජ්‍ය ව්‍යවසායන් ඇති කර ඇති අවදානම අවම කිරීම, මිල ස්ථාවරත්වය ඇති කිරීම සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම,වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක් වූ සහ දුප්පත් පවුල්වලට එල්ල වන බලපෑම අවම කිරීම,නම්‍යශීලි විනිමය අනුපාත මගින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීම,දුෂණය අවම කිරීම හරහා තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයේ මූලික අංග ලෙස හඳුන්වා දිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.
රජයේ අදායම ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දිය යුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.එහිදී අදායම් බදු පුද්ගලයාගේ ධනය මත පදනම් විය යුතු බවත් ආයතනික ආදායම් බදු සහ වැට් බදු සඳහා බදු පදනම පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව ඇති වී තිබෙන වත්මන් අර්බුදයට ඉක්මණින් සහාය අවශ්‍ය බවත් සහාය ඉක්මණින් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ මානුෂීය අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් අරමුදලේ නියෝජිතයින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9 ක මුදල ලබා දීම ආරම්භ වන කාලය කිව නොහැකි බවත් එය තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය මත සහ ණය තිරසරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ණය හිමියන් ලබා දෙන සහතිකය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
අතීතයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දුන් රටවල් අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත් අවස්ථාද තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,අරමුදල් වැඩසටහනක් ක්‍රියාත්මක වන රටකට අනෙක් බහු පාර්ශ්වික හවුල් කරුවන්ද ණය ලබා දීමට ඉදිරිපත් වන බැවින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදල ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් තිබීම වැදගත් බව අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළේය.ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ සහතිකයක් ලබා දීමට එකඟ නොවූහොත් වත්මන් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සහ ණය හිමියන් අතර පැවැත්වීමට නියමිත ණය ප්‍රතිව්‍යූගත කිරීමේ සාකච්ඡාවලට මැදිහත් නොවන බවත් එම අරමුදලේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු කාර්ය මණ්ඩල ගිවිසුම විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන බව එම නියෝජිතයෝ පැවසූහ.
(ඡායා හිමත් මතීෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරයෙකුට ලැබෙන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 13 වගෙ. මේව ඇතිවෙයිද? මෙතුමන්ලගෙ ජල විදුලි වාහන ඉන්ධන දුරකතන විනෝදාස්වාද විදේශ සවාරි වලට..???? IMF එකෙ එවුන්ටත් පිස්සු..
මේක ලැබෙන්න ලංකාවට තව බොහෝ දේවල් කරන්නත් වෙන බව අමතක කරන්න එපා.
අවුරුදු 4ක් තියල බිලියන 4ද හම්බෙන්නෙ. මොන විහිලුවක්ඩ. රට ඉන්න මිනිසුන්ට සහන ටික දීල එයලව සල්ලි එවන්න උනන්දු කරල ඇගලුම් කර්මෙන්තෙට අත දීල, ටුවරිසම් කරන අයට තෙල් ටික දීල, තේ පොල් රබර් සහ අපනයන බොග වගා කරන අයට පොර ටික දීල වෙලදපොල අල්ලල දුන්නම මාසෙටා අපිට ඩොලර් බිලියන 1.5 කට කිට්ටු වෙන්න අදායමක් ගන්න තිබ්බ. එවට උනන්දුව නෑ නයටම තමයි කන්න ඔන.
අරගලයට ජයවෙව..වැඩ බැරි ණන්ඩසේනව එලව්ව වගේ අනිත් 225ම එලව්වොත් රට ගොඩ
මේ මුදල් සැබෑ විනිවිද භාවයකින් යුතුව රටේ ජනතාවගේ හා රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් යොදවන්න. සුදු හඳිනා කම්බා හොරුන්ව මේ සඳහා යොදා නොගන්න.එසේම මේ රටේ මුදල් හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට හා ඒ මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන්න.
ලජ්ජාවක් නැති ගොබ්බ ජාතියක් හැටියට සතුටුවිය හැකි ප්‍රවුර්තියක්.
ඔය දුන්නු ණය බර වැඩිපුරම දැනෙන්නේ උතුරේ හා නැගෙනහිර මිනිස්සුන්ට නොවේ,,! මොකද ඒ පැතිවල අය මහන්සිවෙලා උදැල්ලෙන් කොටලා රටට ආදායමක් උපයලා දෙනවා,,! ඒකට අපේ දකුණේ අය මොබයිල් එකෙන් කොට කොට ගස් යට ටික්-ටොක් නටලා මේකප් උලාගෙන රටට පෙන්වනවා පුස් පොෂ් ජීවන රටාව, ,!
කලින් හැමපාරම ලැබුණු IMF ණයවලට රාජපක්ෂලා ඇරලා තිබ්බලු නේද? මේ සැරෙත් ඕකම තමයි වෙන්නේ...!
කාර්යමණ්ඩල ගිවිසුම්, ඔය බයිලා නැතිව කෙළින් කියන්න තෙල් ටික ගන්න, බෙහෙත් ගන්න සල්ලි ලැබෙනවද?
කවුරු ආවත් ඔච්චර තමයි. දිගට හරහට විදේශීය රටවලින් කෙතරම් ණය ආධාර ලැබුණත්, රටේ පුරවැසි අපි ඒ ගැන සතුටු නොවෙමු. මන්ද ඉන් අබමල් රේණුවක තරම්වත් සහනයක් නොලැබෙන නිසා. මේ අද ඉන්න විදියට තියෙන දෙයක් කාල ඉඳිමු. මහ ලොකු අරගලයක් කරා කාටද හරි ගියේ...? රටින් තුරන් වී යන පමණක් දේශපාලන පක්ෂත් මේ අරගලය නාමෙන් ගොඩ එන්න තැත්කළා රටට ආදරේ බව හඟවමින්...
Good news .. Thank you IMF ... with this we can do lots of reforms within the country
දැනටමත් ජෙප්පොයි පෙරෙට්ටොයි මේකට පෙරලන්න ඕන මොන බාල්දිද කියලා කල්පනා කරනවා ඇති
පොලිය සදහන් කළ දේ හරි. උතුරු/ නැගෙනහිර ජනතාව ඔවුන්ගේ ශක්තියෙන් කටයුතු කරන පිරිසක්. ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීම සිදු කළ යුතුයි. දකුණේ බහුතරයක් ළඟ ඇත්තේ රැගුම් පමණි. දකුණේ වැඩි දෙනෙකු රටට බරකි.
ලෝකෙන්ම හිඟාකාළා ලෝකෙටම පේන්න ජය සමරන්න නම්, උපන් හපන් ජාතිය.. හිඟමනේ යද්දී තියන නිහතමානීකම මුදල් ටික අතට ආවට පස්සේ නැහැ. ඊට පස්සේ ලෝක මූල්‍ය අරමුදල, ඇමරිකාව ඇතුළු බටහිර රටවලට දොස් නගන එකනේ කරන්නේ. අපනයන ආර්ථිකයක් නොමැති වුවත් ශ්‍රී ලාංකික මානව සම්පත පිටරටවලට විකුණා ලැබෙන විදේශ මුදල් (ඩොලර්) වලට ශ්‍රී ලංකා රජයන් මොනවද කලේ? එකම දේ ඒ අය එවන ඩොලර් ටික හොරකම් කොට, ඔවුන් ඒ මුදල් පිටරටවල ආයෝජනය කොට ලාංකිකයින්ට රුපියල් කොළ අච්චු ගසා නිසි වටිනාකම පවා නොදී රුපියල් ලබාදීමයි. උගන්ඩාව, ඩුබායි, ඇතුළු රටවල ආයෝජනය කිරීමට රාජපක්ෂලා ඩොලර් මැව්වාද? ඒ හොරකම් කළ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තරය මැදිහත් වෙනවා නම් අපිට පිනට කාගෙන්වත් මුදල් අවශ්‍ය වෙන එකක් නැහැ. අනික ඔවුන් තවමත් ඒ ජාවාරම් නවත්වා නැහැ. මොවුන්ව සිරගත කළ යුතුයි.
ඇමැති මන්ත්‍රීවරුන්ට ඩියුටි ෆ්‍රී කාර් ගෙන්නන්නම කීයක් ගියාද?
ඉන්දියාවෙන් මාස 4-5 කදී ණයට දුන්නු ඩො. බි. 4 නිකන්ම ගිලල දාලා ආයේ කාගෙන් හරි ඉල්ලගන්න බලන් ඉන්න අපේ උන්දැලාට ඕක මොන කජ්ජක්ද? ලෝකෙ තියෙන ඔක්කොම සල්ලි මේ අයට දුන්නත් ආයේ අච්චු ගහලා දෙනකන් බකන්නිලන් ඉන්නවා මිසක් කිසිම ප්ලෑන් එකක් නෑ. අනුන්ගෙන් කකා ඉබේට රට හැදෙනකල් බලන් ඉන්නේ...
සල්ලි දෙනවා කියපු ගමන් අරගොල්ලන් කැඩුණු ගෙවල් හදන්න සල්ලි බෙදාගන්නවා. සනත් නිශාන්ත මිලියන 20ක් දෙනවලු. ඉංග්‍රීසියෙන් විතරයි කියලා තියෙන්නේ.. මිනිස්සු කලබල වෙයි කියලා.
වැඩිහරියක් දූෂිත දේශපාලුවන්ගේ වුවමනාවන්ට වැයකරයි. දූෂිත පවුල් පාලන ආණ්ඩුවත් කෙරුවේ පවුලේ හතර වරිගයම ඉන්න අය ගසාකාලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු එක...
ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන 3 ක ණය නිකන්ම කාබාසිනියා කළා... මේ ඩොලර් 2.9 ලැබෙන්නේ... වසර 4 කදී. මොන සොච්චමක්ද? මේකෙන් හැකිවෙනවද රටේ ආර්ථිකය ගොඩනගන්න...? විකාර...
ණය අරගෙන හොරාකාලා රටම විකුණුවත් මුට්ටිය අල්ලන ජනතාව මුට්ටිය පුරවලා නග්ගනවා... ඕකයි තත්වේ...!
මෙහේ තියන දේපොල විකුණගෙන හම්බකරපුවත් රට යවාගෙන පිටරට ගෙවල් අරගෙන පවුල් පිටින් රට නින්න අවුරුදු හතරක් හොඳටම ඇති. දැන් නම් දෙසිය විසිපහම ඔය සල්ලි බෙදාගෙන හෙමීට මාරුවෙයි. එතැනින් වල පයයි ගොඩ පයයි ඉන්න උන් නම් ඉස්සරවෙලා චුත වෙයි. අපියි අපේ ළමයිනුයි තමයයි මේවා ගෙවන්න ඕනි. චුත වෙන්න කලින් රටේ සියලු දේපොළත් භූමියත් ඉන්දියාවට හරි සුද්දට හරි විකුණලා දාලා පොඩි වුන්ට කුලියට ගෙවල්වල ඉන්න පාරක් කපලා යයි ද දන්නේ නැහැ.