
(අංජුල මහික වීරරත්න)
සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූයේ යැයිද තමාගේ ද උත්සාහය වන්නේ පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ජූලි මාසයේ දී තමා රට බාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර එවිට රටද බොහෝ තරඟ පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය. නමුත් පැවති තත්ත්වය වෙනස් කර රටෙි ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස හතේ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ඉදිරි වසර දෙක ඇතුලත දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විශාඛා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසැල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 700ක් පමණ සහභාගි වී සිටියහ. ඉන්ටරැක්ට් ගෝලීය තරුණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන සහයෝගය සහ සහභාගීත්වය අගය කරමින් ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලාංඡනයක් පැළඳ වූ අතර ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් සමරු ඵලකයක්ද පිරිනැමීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංගනා කතා කිය කියා ඉන්නවා. අර walksvagan factory යට මොකද උනේ?
පින් ජනපතියා තව අවුරුදු 2 ක් ඉන්ඩ වගේ හිතාගෙන ඇති. පෝලිම් නැත්තේ ලෝකෙටම ණය වෙලා වැඩ කරන හින්දා. බදු පිට බදු වැඩිකෙරුවේ නිකම්ද ?
මෙයාට අවුරුදු 45ක් තිස්සේ කරන්න බැරිවුණු දේ තව අවුරුදු දෙකකින් කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි.
ඒත්,පුදුමය කියන්නේ ... හොරුන් ගැන හෝ ඔවුන් හොරා කෑ දේ ගැන කිසිදු වගේ වගක් නැතිව සිටීමයි.හොරුන් අල්ලා ඔවුන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කළහොත් අප ඔබතුමාව පිළිගන්නවා.
ඉතාම වැදගත් ඊළඟ පරම්පරාවත් දැන් ඉන්න එවුන් වගේම ගොනාට ඇන්දවීම. කල්තියලම පටන්ගත්තාම මුන් 18 වෙනකොට හරි ගානට දක්කන්න පුළුවනි.
පොඩි ළමයි රැවටෙයි ඔවට