
(විමුක්ති එස් රුද්‍රිගු)
අපනයනකරුවන් ජාත්‍යන්තරය සමග තරඟ කිරීමේදී තමාගේ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බව දන්නා හෙයින් වසර දෙකක්, තුනක් වැනි කාලයකදී දැනට තිබෙන විදුලි බිල ඉහළ පහල යන ක්‍රමය වෙනස් කරමින් විදුලි බිල සියයට 30 කින් අඩුකිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව රජය දැනුම් දුන් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ඒ තුළින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරන මොහොතක ඒ සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජය අපේක්ෂාව බවද ඔහු පැවසුවේය.
තාවකාලික ගැලපීම් හේතුවෙන් වසර මුලදී විදුලිය ගාස්තුව අඩු කිරීම හේතුවෙන් සහනයක් ලැබුණු බවත් විදුලි පනත අනුව පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීමේ ක්‍රමවේදය හේතුවෙන් මෙම අවස්ථාවේදී විදුලිය ගාස්තුව වැඩි කිරීමට සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීමේ ක්‍රමවේදය වත්මන් රජය හඳුන්වා දුන් දෙයක් නොවන බවත් පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීම රටේ අවශ්‍යතාවක් බවත් ඔහු පැවැසුවේය.
විදුලිය ජනනය, නිෂ්පාදනය, බෙදාහැරීමේ සහ අධීක්ෂණය යටතේ පිරිවැය ගැලපීමට විදුලි ගාස්තුවට සංශෝධන ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට රට බැඳී සිටින බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
සියයට 15 කින් විදුලි බිල වැඩිකිරීමෙන් නිෂ්පාදන පිරිවැයට බලපෑමක් එල්ල වන බව රජය දන්නා බවත් පුළුවන් සෑම අවස්ථාවකදීම අමතර සහන ලබාදීම මගින් මූල්‍ය පිරිවැය අඩු කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, අපගේ ගෝලීය ගැනුම්කරුවන් තව අවුරුදු දෙක තුනක් කට්ට කාගෙන, අපේ භාණ්ඩ ඉතා අධික මිලට ආනයනය කිරීමට තීරණය කල බව පැලවත්තේ මොන්ටිසෝරියට දන්වා ඇත. ඒ නිසා අපනයන ක්ෂේත්‍රයේ රැකියා ඉතා සුරක්ෂිත බව සියලු සේවකයන්ට සතුටින් දන්වා සිටිමු.
ඕක පුද්ගලීකරණය කරන්න .හොරු ඉන්නේ ඕකේ . ලෝක හොරු
දිව්‍ය ලෝකයේද නැතිනම් අපායේද විදුලි බිල දුවන්නේ
එතකොට ඔයගොල්ලෝ ඉඳී ද ?
සිහින ලොවේ මායාව තිරේ විදුලි බිල අඩුවිම සිහින ලොවේ
මේ යන විදියට දෙක තුනක් තියෙයිද මේ ආණ්ඩුව...ආන්න ඒකයි පස්නේ...
මහ මැතිවරණය ලන්වෙනකොට ද ?
දවල්ද ?
රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ වහලුන්ට අමතක වෙලා වැඩ බැරි කජු සීයාගේ කාලයේ සීයට 70 කින් විදුලි බිල වැඩි කෙරුව බව ඒ වගේම විදුලි බිල වැඩි වෙන්නේ පාර්ලිමේන්තු සම්මත කල නීතියකට අනුකූලව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවයන්ට අනුකුලව කියලා. මේ කිසිවක් ජාතික ජනබල වේගය ආණ්ඩුවක් විසින් සම්මත කල නීති හො ඇතිකර ගත් එකගතාවයන්ද නොවේ. ඒවා සියල්ලම රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලි විසින් ඇතිකරගත් නීති හා එකගතාවයන්. ඒ වගේම මේ රට ණය අර්බුදයකට හසු කරලා බංකොලොත් බවට පත් කෙරුවේ ඔය තක්කඩි කල්ලියම තමයි. ඒ නිසා ඔවුන්ගේ වහලුන්ට ජාතික ජනබල වේගය ආණ්ඩුව රටේ අනාගතයේ යහපැවැත්ම සදහා හා දැනට රටේ තිබෙන නීති රීති
අවුරුදු දෙක තුනක් ගිහිල්ලා අඩුකරද්දී බබා හම්බෙලා තියෙයි.
චන්ද කිට්ටු කරලද ?
වසර දෙක තුනකින් නෙවෙයි, ඊළඟ ඡන්දෙ කට ළඟ තියලා ඡන්දෙ ඉවර වෙනකන් විතරක් අඩු කරන්න. ඊට පස්සේ ඡන්දය ඉවර වුණු සැණින් බලය ලබාගෙන ආයේ වැඩි කරන්න. අපි ඡන්දය දෙන්නම්.