(ඩයනා උදයංගනී)
මෙම වසරේ ගත වූ දින පහක කාලයේදී ඩෙංගු රෝගීන් 1227 දෙනකු වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.
එමෙන්ම මේ වන විට ඩෙංගු රෝගය බෝ කරන ප්‍රධාන වයිරස් කාණ්ඩ හතරෙන් තුන්වන වයිරස් කාණ්ඩයේ ඩෙංගු රෝගීන් ද මෙරටින් වාර්තා වන බව ඇය සඳහන් කළාය.
මෙතෙක් මෙරටින් වැඩිවශයෙන් වාර්තා වූයේ දෙවැනි වයිරස් කාණ්ඩයේ රෝගීන් බව ද ඇය කීවාය.
මෙම තත්වය මැඩ පවත්වාගැනීම සඳහා ඊයේ (4) සිට ලබන 10 වැනිදා දක්වා දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි කී වෛද්‍යවරිය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඒ වෙනුවෙන් ලබාගෙන ඇතැයි ද කීවාය.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මඩකලපුව, රත්නපුර ආදී අධි අවදානම් දිස්ත්‍රික්ක 15 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බව වෛද්‍යවරිය සඳහන් කළාය.
විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර වෛද්‍ය සංගම් හරහා WMHO එකට කියන්න ඉක්මණට ඇමෙරිකාවට කියලා එන්නත් හදලා එවයි.. ඕකට moskicron කියලා නමකුත් දායි.