IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්

(සුමිත් පොතුපිටිය)

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ පියා නාරාහේන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කොට විශ්‍රාම ගොස් ඇති අතර , ඔහු මියයාමෙන් පසු මවට විශ්‍රාම වැටුප හිමිව තිබූ බව  පොලිසිය කීය.

සැකකරු මව සමග බද්ධ ගිණුමක් ආරම්භ කර විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර, මව වසර එකහමාරකට පෙර මියගොස් ඇති අතර , ඇය මියයාමෙන් පසුව රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.



අදහස් (3)

වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්

Chinthaka Wednesday, 19 March 2025 12:16 PM

ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ විශ්‍රාම වැටුප් නිළධාරීන්ගේ වරදක් නිසානේද මෙහෙම වෙලා තියෙන්නේ කියල කාටවත්ම හිතෙන්නේ නැද්ද සාමාන්‍යයෙන් සෑම වසරකම විශ්‍රාමිකයින් තමන් ජීවත්වෙලා ඉන්නවා කියල ග්‍රාම සේවකට කියන්න ඕන නේද? එහෙම නොකිව්වා නම් විශ්‍රාම වැටුප් නවතනවා ඉන්නවා කිව්වනම් ග්‍රාම නිළධාරි වරදක් කර තියෙනවා ඒ නිසා ගත්තු එකාටම දොස් කියල වැඩක් නැහැ අනවධානයෙන් හෝ පුද්ගලික වාසිතකා කටයුතු කළ අයටත් දඩුවමක් දෙන්න ඕන

:       2       23

Neel Wednesday, 19 March 2025 02:55 PM

විශ්‍රාම වැටුප හිමි පුද්ගලයා අදාල බැංකුවට හැම මසකම ගොස් අදාල නිලධාරීන් ඉදිරිපිට පෝරමයකට අත්සන යේදු පසු තමයි මුදල් එකවුන්ට් එකට එන්නේ...

:       6       2

Lalith Wednesday, 19 March 2025 03:25 PM

තඹුත්තේගම පැත්තේ එක්කෙනෙක් නෙවේ නේද?

:       19       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site