IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර 8කට පෙර බිරිය මැරුවාට සැමියාට මරණ දඩුවම

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

වසර අටකට පෙර තම බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීමේ චෝදනාව ලබා සිටි සැමියකුට එල්වි තිබු චෝදනා සම්බන්ධයෙන් වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළ  පූර් වගාමී මහාධිකරණ විනිසුරු නයෝමී තමරා වික්‍රමමසේකර මහත්මිය අදාල විත්තිකරුට මරණ දණ්ඩනය නියම කිරීම  පුත්තලම මහ අධිකරණයෙදි අද (26) දින  නියෝග කෙරුණි.

මෙසේ මරණ දඩුවම් නියම වුයේ නවගත්තේගම මුල්ලේගම පන්සල පාරේ පදිංචි මාන්නප්පෙරුම මුදියන්සේලාගෙ සුසිල් බංඩාර නොහොත් ගාමිණී යන අන්වර්ථ නාමෙයෙන් පෙනි සිටි එවකට 33 වන වියෙ පසුවු අයකුටය.

2015 වසරේ ජුලි 22 දින දින ඇතුළු පවුල් ආරවුලක් මුල් කර ගනිමින් ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට ගොස් සවස නිවසට පැමින සිටි මොරගල් පේඩි දුරයාලාගේ තුෂාරී කාංචනා නැමති 27 හැවිරිදි එක් දරු මව මෙසේ අමානුෂීක ලෙස තියුණු ආයුධයකින් ඇණ මරා තිබු බව කියයි.

මේ සම්බන්ධව චෝදනා එල්ලවු විත්තිකරු නවගත්තේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කර තිබුනී.

වසර අටකට ආසන්න කාලයක් පුරා පැවති දිර්ඝ නඩු විභාගයෙදී අදාල චුදිතයාට විරුද්ධව දන්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ වු වරද සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට තිර්ණය කර චුදිතයාට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන දිනයකදී මරා දැමිමට අදාල නියෝගය ලබා දෙමින් පුර්වගාමි විනිසුරුවරිය මෙහිදි නියෝග කෙරුණී.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රජයෙ අධි නිතිඥ කල්හාර ගුණවර්ධන මහතා පෙනි සිටියේය.

 



අදහස් (0)

වසර 8කට පෙර බිරිය මැරුවාට සැමියාට මරණ දඩුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site