
(ප්‍රසංග පෙරේරා සහ එම්.ආර්.කේ.පින්තු)
බාරකරුවකු නොමැතිව කදාන ආනියාකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමෙන් නිසා වසර 21 ක් අතුරුදන්ව සිටි සැමියකු ඔහුගේ බිරියට හඳුනා ගැනීමට හැකිවූ බව ආනියාකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙලෙස වසර විසි එකකට පෙර සිය නිවසින් අතුරුදන්ව සිට ඇත්තේ ගනේවත්ත පාර කුරුවාව රත්තොට මාතලේ පදිංචි ව සිටි කේ. ජි. පියසේන (70) නැමති පුද්ගලයෙකි.
බාරකරුවකු නොමැතිව කදාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ මෙම පුද්ගලයා පිළිබදව රෝහලේ හෙදි නිලධාරිනියක වු ඉනෝකා කුමාරි මහත්මිය ඔහු හදුනාගැනීම සදහා මුහුණු පොතේ ජායාරූපයක් පල කර තිබුණි.
එම ජායාරූපයෙන් තම ස්වාමිපුරුෂයා හදුනාගෙන ඇති ඔහුගේ බිරිය ජි.ජි. ස්වර්ණලතා (58) මහත්මිය ආනියකන්ද රෝහලට පැමිණ තිබිණි.
කකුලේ විශාල තුවාලයක් සහිතව ප්‍රතිකාර ලබමින් සිටි පියසේන මහතාගේ මතකය යහපත් තත්ත්වයේ නොතිබුණද සිය බිරිය විසින් ඔහු හදුනාගෙන තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියගේ සේවය සහ මනුසත්කම මා අගය කරමි. ඔබ සැමට යහපතක්ම වේවා!!!
ඔන්න කොහේ ගියත් අන්තිමට කරදරේ වැටුණාම පිහිට ගෙදර ගෑණි තමයි.