IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසන්තට එරෙහි නීතිපතිගේ අභියාචනයට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකරු)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන 03 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරයා නිවාඩු ලැබීම නිසා නඩුව ලබන 03 වනදා කැඳවන බව දැනුම් දුන් අධිකරණ ලේඛාධිකාරීවරයා එදින අධිකරණයේ පෙනී සිටිින ලෙස වසන්ත මුදලිගේ මහතාට දැනුම් දුන්නේය.

වසන්ත මුදලිගේ නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවට තීන්දු කොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව කැඳවීමට තීරණය කොට ඇත.

නීතිපතිවරයා ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නම් කොට ඇත.

 



අදහස් (0)

වසන්තට එරෙහි නීතිපතිගේ අභියාචනයට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site