
(විමුක්ති එස් රුද්‍රිගු)
පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ.
වායෝ සංගීත කණ්ඩායමේ "අනාගතයේ" ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ ශ්‍රී ලංකාවේ 75වෙනි නිදහස් සැමරුම සනිටුහන් කිරීම සඳහා කලාකරුවන් දෙදෙනා මෙම ගීතය ඉදිරිපත් කර තිබේ.
දේව මෙහෙයට තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවද සහභාගී වී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය දින පණිවිඩය තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පුදුමයක්, එහෙ ඉන්න අයට මව් භාෂාවක් නෑනේ