
(අංජුල මහික වීරරත්න)
විස මතට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විෂ මත් ව්‍යසන පරදන " රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.
අප රට වෙලාගෙන සිටින මායාකාරී ව්‍යසනය පරාජය කරන්නට අද අප එක්වී සිටිනවා.අප ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ ගොදුරු බවට පත්වී සිටිනවා .මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ.දශක ගණනාවක් ක්‍රමිකව පැමිණි මෙය අද සමාජයම ගිල ගන්න තැනට වැටී තිබෙනවා.
මම වගේම අපේ ආණ්ඩුව මේ ව්‍යසනයට එරෙහිව හැප්පෙන්න තීරණය අරගෙන තිබෙනවා.මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගන්න තැනට පැමිණ තිබෙනවා.බන්ධනාගාර ගත වන අයගෙන් සියයට 64 ක් මත්ද්‍රව්‍ය වලට හසුවූ අයයි.
රටේ අනාගතයේ මහමග වැනසෙන විට අපට බලාගෙන ඉන්න අයිතියක් නැහැ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නොවන පාතාලයන් සහමුලින්ම නැති කරන්න තීරණය කලා. අපේ අයට ඕන එකක්. ජනතාවට ඕවා තේරෙන්නේ නෑ.
හාල් මාෆියාවට එරෙහිවත්, ඉන්ධන මාෆියාවට එරෙහිවත්, තවත් බොහෝ මාෆියාවනට එරෙහිවත් ඔබගේ රජය කටයුතු කළ හැටි අප අත්දැකීමෙන්ම දැන් දන්නා නිසා මේ මාෆියාවට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කළා යන ඔබගේ සුපුරුදු කයිවාරුව ඇහෙන කොට අපට හිනායනවා ජනාධිපති තුමා. නමුත් අපි මේ කර්තව්‍යයට සුබ පතනවා. දැනට නම් මත් මඩිනවා යනුවෙන් ඔබතුමන්ලා සහ ඔබගේ පොලිසිය විසින් සිදු කරනු ලබන්නේ හුදු ඇස් නිලංකාර කරන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණයි.
හිටපු නායකයෝ නම් කුඩු කාරයෝ බදාගත්තා...
නියමයි... ජනතාවගේ පූර්ණ සහයෝගය...
මීට කළිනුත් ඔය විදිහටම හැප්පිලා බලමු කිව්වා මතකයක් වගේ තියනවා. ඒත් කමක් නැහැ හුරේ දාමු තව පාරක්.
සදමාලි, මොලේ චෙක් කරලා බෙහෙත් ගන්න සුදූ
දන්නේ නැති නිසා අහන්නේ. මොකක්ද විෂ මත් ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අතර වෙනස.... KPI අල්ලන්නේ නැතිද?
මතට තිත කියලා පෙර පැවැති ආණ්ඩුත් බොරු සන්දර්ශන තිබ්බා. වැඩක් වුණාද? මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා විනාශ වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි අපේ මතු පරපුරයි. එය නැති කළ යුතුමයි. සදමාලි ඉන්නේ නම් මොලේ උඩ වගේ...
සේරම වසංගත ඉක්මනින් වනසමු...
ජනාධිපති තුමනි අර ඔබතුමා රජයේ නිලධාරීන්ට දුන්නා වගේ කුඩු ජාවාරම්කාරයන්ටත් හැදෙන්න වසරක කාලයක් දෙන්න බලාපොරොත්තු වෙනවද ? රජයේ නිලධාරියෝ නම් ඔබතුමා දුන්න කාලෙන් හොඳට ප්‍රයෝජනය අරන් පගාගැසීමේ වේගය වැඩිකරගනිමින් ආර්ථික වශයෙන් හොඳට හැදෙමින් පවතින බව පෙනෙනවා. අද සුරාබදු නිලධාරීන් 5 දෙනෙක් එකකේ එකතුවෙලා කෝටි 10 හොරකම් කරලා. රිමාන්ඩ් වුණා.