
(අංජුල මහික වීරරත්න)
දිවයිනේ සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන වල කාර්ය මණ්ඩල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම " වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වීමට නියමිතය.
විෂ මත් ව්‍යසන පරදන " රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) උදේ 10ට ඇරැඹෙයි.
රටේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම මෙම ජාතික මෙහෙයුමේ මූලික අරමුණයි.
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.
රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් කටයුතු කරනු ලබයි.
මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විස මත් රකුසාට අද රටම එකට එරෙහි වෙයි
pj Thursday, 30 October 2025 09:17 AM
ඩොලරය 307 පැන ඇත . කිසිම ගණනක් නැත. දන්නවා වැඩි නිසා දැයි විටෙක සිතුනි.. කට්ටියක් යුද්ධයෙන් ගොඩ ගිය බවකි... මේ දගලන්නේ කුඩු මතින් ගොඩ යාමට දැයි කීමට හදිසියක් ද නැත....
පන්සිළු Thursday, 30 October 2025 09:39 AM
නීතිය හරියට ක්රියාත්මක කරනව මිසක මේ වගේ මුදල් කාබාසිනියා කරන බොරු ෂෝ නම් වැඩක් වෙයි කියලා හිතන්න බෑ. කට උල් කර කර කෙප්ප කෙළින්න වේදිකා හදනවා
විපරමා Thursday, 30 October 2025 04:49 PM
හැම දේකටම වඩා රටේ අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමයි වැදගත්. රජය ඒ වෙනුවෙන් ගන්නා සියලුම ක්‍රියාමාර්ග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..