IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විශේෂඥ පුහුණුවට එතෙර යැවීම නතර වෙයි

 

(සුජිත් හේවාජුලිගේ )

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

විදේශ විනිමය අර්බුදය නිසා  ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම නිසා මෙම තීරණයට එළඹුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාට  ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

මේ තීරණයෙන්  ඉදිරියේදී සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයක් කරා යොමුවිය හැකි බව සෞඛ්‍ය සේවයේ නිලධාරීහු  පෙන්වා  දෙති.



අදහස් (14)

විශේෂඥ පුහුණුවට එතෙර යැවීම නතර වෙයි

siri Saturday, 30 July 2022 12:49 PM

කඩේ ගිහින් අන්තිමට රට බංකොළොත් කරගත්තා ඔන්න. ඒවායේ ප්‍රතිඵල දැන් පේනවද?

:       4       57

ranjith Saturday, 30 July 2022 01:34 PM

කෝ අර පොහොර විශේෂඥයා..? එයා හිතන් හිටියේ සියලුම විෂයන්ට විශේෂඥයෙක් කියලා. රටේ ගොයියෝ ඔක්කොම අනාථ කරලා දැම්මා. දැන්වත් ඔය මෝඩකම්වලට දන්න කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගන්න.

:       2       49

Himali Herath Saturday, 30 July 2022 01:58 PM

මේ ගොල්ලන්ට ලංකාවේ පුහුණුව දෙන්න ජාත්‍යන්තර පිළිගැනීමට අනුකූලව... රටේ සල්ලි විනාශ නොකර...!

:       77       31

sisilSaturday, 30 July 2022 05:53 PM

මහජන මුදලින්, නිදහස් අධ්‍යාපනය ලබා සේවයට පැමිණෙන වෛද්‍යවරුන්ට රටේ දුප්පත් අසරණ ජනතාවට පීඩාවට පත්නොකරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව විශේෂඥ පුහුණුවට එතෙර යැවීම නතර නොකරන්න..

:       5       8

Akila Saturday, 30 July 2022 03:45 PM

මේ තමයි පහුගිය වසර 25 ක් තුළ මාරුවෙන් මාරුවට රට කරපු රනිල් සීයාගේ සහ මහින්ද සීයාගේ හැකියාවෙන් ජනතාවට ලැබෙන තෑගි, ඉස්සරහට තව හුඟක් ලැබෙයි..

:       3       19

kamal Saturday, 30 July 2022 03:46 PM

ඉතාම අගය කළයුතු ජාතිදේශි ක්‍රියාව. අපි සිංහල බෞද්ධයෝ, ඔය අධිරාජ්‍යවාදී පර සුද්දෝ මොනවා උගන්නන්ද අපිට...? අපේ 2500 ඉතිහාසයෙන් ඉගෙන ගත්තාම මදිද?..

:       13       8

Appuhami Saturday, 30 July 2022 04:30 PM

ඔවුන්ගේ අතිවිශේෂ පුහුණුවෙන් ඇති වැඩක් නෑ.. දැක්කනේ ගොවිතැනට කළ දේ...!

:       9       16

UK RAN Saturday, 30 July 2022 05:08 PM

ආණ්ඩුවෙන් සල්ලි අරන් ට්‍රේනින් ගිහින් මිනිස්සුන්ගෙන් ගිනි ගණන් ගන්නවා. නැතිනම් යන රටේම නවතිනවා. 225 විතරක් නෙවෙයි.., මේ අයටත් හෙණ ඉල්ලන්න ඕනෑ...

:       8       27

sbSunday, 31 July 2022 10:05 PM

සමහර වෛද්‍යවරුන්ගේ ක්‍රියා වැරදි ඇති. ඒත් මම දන්නා තරමින් චැනල් කලා හෝ නැතා, රජයේ රෝහල්වල වාට්ටුවල දිනකට සිය දහස් ගණනක් රෝගීන් සුවපත් කරන්නේ මේ විදිහට ගේන දැනුමෙන්. රටේ සෞඛ්‍ය ගුණාත්මක බව ඉතාමත්ම ඉහළ තත්වයක පවතින්නේ... මෙහෙම ගෙනෙන දැනුමෙන් තමයි. නියමිත සේවා කාලයෙන් පසු චැනල් කීරීම වරදක් වෙන්නේ නැහැනේ. මොකද අනික් වෘත්තිකයිනුත් කොච්චර ප්‍රයිවට් කරනවද? නියමිත සේවා කාලයෙන් පසු... අනික මේ පුහුණුවට යන අය ආපසු නොඑනවා නම් ඔවුන්ට රජයට ගෙවන්න ලොකු බොන්ඩ් එකක් තියෙනවා... ඒක ගෙව්වොත් පමණයි අයින් වෙන්න පුළුවන්... ඩොකාලා එක්ක ඇරියස් තිබුණු පලියට බනින එක සුදුසු නෑ නේද? ලෙඩ වෙලා වාට්ටුවක හිටපු අය දන්නවා තමන්ට ලබෙන සේවේ... මේ දැන් අන්තිමට බැට කන්නේ ඔබ අප මිස බේත් ගන්න සිංගප්පූර් යන අය නොවේ..

:       3       2

Prase Saturday, 30 July 2022 05:56 PM

අපි දැනගෙන හිටියේ නෑ ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙනගෙන ඇවිත් පුද්ගලික කරලා සල්ලි හම්බ කරනවා... වහාම මේ වියදම් නවත්තනු..

:       3       6

ashok Sunday, 31 July 2022 06:14 AM

මේ පොහොර විශේෂඥයා නිසා දොස්තර මහත්වරුන්ට තිබුණ ගෞරවයත් තරමක් දුරට පිහිවුණා. ඇඟිල්ලෙ තරමට ඉඳිමෙන්න ඕන කියන්න එක එයා දැන්වත් ඉගෙන ඉන්නවද දන්නේ නෑ. ලෝකය පිළිගත්ත කෘෂිකර්ම විශේෂඥයෝ මේ රටේ ඉන්දැද්දි මේ වගේ අය ඉදිරියට ඇවිත් කරපු නොමනා වැඩ නිසා ගොවියෝ අනාථ වුණා. මිනිස්සු බඩගින්නෙ.

:       0       5

kasun Sunday, 31 July 2022 06:49 AM

අනිවර්‍රයෙන්ම ලංකාවෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගත යුතුය. නමුත් එය ප්‍රමිතියකට තිබිය යුතුය.

:       5       5

fairoos Sunday, 31 July 2022 12:32 PM

දැන් ඉතින් අපිටත් ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යන්න වෙයි.

:       0       1

naagahananda Monday, 01 August 2022 09:09 AM

ඉන්දියාව වෛද්‍ය පුහුණුව සඳහා ලංකාවේ වෛද්‍යවරු යැවීමට ඉතාම හොඳ රටක්... ඒ මගින් ලංකාවේ ඩොලර් ඉතිරිකරගන්නත් පුළුවන්. ඉන්දියාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ඉතාමත් හොඳයි. ඒ වගේම වෛද්‍යවරුත් ඉතාම දක්ෂයි. ලංකාවේ ගොඩක් අය අසනීප වලට ප්‍රතිකාර ගැනීමට ඉන්දියාවට යනවා.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site