
(අංජුල මහික වීරරත්න)
විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක් රජය අරඹා තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති ලෙස මෙම ප්‍රවාහන සේවය ඇරැඹෙයි.
අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම කරුණ අනාවරණය විය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිශයින්ම වැදගත් ක්‍රියාවක්. හැබැයි විශේෂ අවශ්‍යතා සහිත අයට පමණක් වෙන් නොකර සාමාන්‍ය මගී බස් වල විශේෂ අවශ්‍යතා ඇති අයටත් පහසුවෙන් යා හැකි පරිදි එම බස් රථ නවීකරණය කරන්න පුළුවන්නම් වඩා හොඳයි.
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, මෙතැන උදේ-හවස වැළලෙන ඩෝබිලා ප්‍රජාවගේ පහසුව තකා මේ ආණ්ඩුවෙන් බස්රථ සේවයකුත්...
කෝ Gunarathna
අපේ ව්‍යිපර්. මමා මේකට මොනවා කියයිද දන්නේ නැහැ. වයිපරේ වැඩද බලන්න ගොබ්බයින්ට ඒවා තමයි කියන්න දන්නේ... කාලසටහනක් අනුව. මෙවැනි බස්. දුවන්න ඕන කලින් වෙන්කරවා ගන්නවා නම් හොඳයි. නැත්නම් ඉවසීමක් නැති නිසා මාලිමාවේ කට්ටිය විතරයි මේකේ අර්න් යන්නේ කියලා නැති ප්‍ර්ශ්න ගොබ්බරැල මවලා ජනතාව උසි ගන්වනවා..
බස් ධාවනයත් ආරම්භ කරලාද තියෙන්නේ ?