(මුදිතා දයානන්ද)
මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ විඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද එය වෙනත් බොහෝ රටවලද පවතින නීතියක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය.
ඔහු මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
ජනාධිතිතුමාකමේ රටේ දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති කළා. ජනාධිපති කාර්ය මණ්ඩලය 250 ක් දක්වා අඩු කළා. ජනාධිපති සමඟ ගමන් කරන ආරක්ෂක රථවාහන ගණන පහකට සීමා කළා.
ජනාධිපතිවරයා විදේශ ගත වන විට වීඅයිපි පර්යන්තය භාවිතා නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම මේ වන විට මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවට යම් හෙයකින් වීඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඇත්තටම ඒක හොඳ දෙයක්. මේක තවත් ගොඩක් රටවල නීතියක්ව පවතිනවා. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණෙන විට එය භාවිතා කළ හැකියි. එහෙත් දේශීය විඅයිපිලාට එය භාවිතා කළ හැක්කේ මුදල් ගෙවා පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
VIP එකෙන් යනකොට ගෙවන ඩොලර් 1000 ගෙවන්නෙත් අපිනේ . සාක්කුවෙන් දෙන්නේ නැහැනේ.
හැබැයි ඕක ගෙවලා ඊට පස්සේ බිල ඉදිරිපත් කරලා මුදල් අපෙන්ම අයකරගනියි. එහෙම නොකළොත් ඒ අය අපේ රටේ දේශපාලුවෙක් වෙන්න බැහැ.
ඒක හොද දෙයක්. ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතුයි.
අපට නම් කමක් නෑ අපිට කරදර නොකර කොහෙන් හරි යන්න මුදල් තියෙනවනම් ඒක හොද දෙයක් රටට.
අප්පච්චියේ. කොස් ඇටද? කජු ඇටද? මන්ත්‍රී උතුමන්ලාට ඒකත් දැන් වෙන ක්‍රමවේදයකින් හොයාගන්න තමයි වෙන්නේ...
මේ නිවේදන නිකුත් කරන්න ඕනේ පක්ෂ කාර්යාලවල ඉඳලා නෙමේ... රජයේ දෙපාර්තමේන්තුවක ඉඳලා..
කරුණාකරලා මේක තමන්ගේම මුදල් පසුම්බියෙන් ගෙවන්න.
පාර්ලිමේන්තුවේ කෑම එකක් රුපියල් 100ක් නේද? එ්ක වැඩි කරන්න එපා. අපිටත් එ්කෙන් කන්න දෙන්න..
මැදමුලන කෞතුකාගාර නඩුවෙන් නිදහස්... පාඩුව ජනතාවට. ඉතින් මේකත් කතාවක්ද?
ඕක ගෙවලා බිල්එක ක්ලේම් කරගන්න පුළුවන්ද ඒ ගොල්ලන්ට..? එහෙම වෙනවා නම් ඉතින් බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි.
ඩොලර් 1000ක් ගෙවලා.. ඩොලර් කෝටියක බඩු පන්නවා ගන්න හොඳ මාර්ගයක්... මේක මේ කුඩු, මැණික්, රත්තරන්.. ගේන්න ගෙනියන්න හදාගත්ත මාර්ගයක් ..
ලකුණු දාගන්න කරන බොරු ටෝක්ස්.. මේක මේ සැරේවත් ගෙදර එලවන්න...
ප්රශ්නය, මන්ත්‍රී යනු VIP කෙනෙක්ද..? එසේ නම් ඇ.ඩො1000 ගෙවීමට ඔහුගේ පඩිය ප්‍රමාණවත්ද? මෙය මන්ත්‍රී මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්.. උසාවි යන්න වෙන ප්‍රශ්නයක්...
ඔය හැතිකරේගෙන් මොකුත්ම අයකර ගන්නේ නැතිව, සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරවා, සාමාන්‍ය මිනිසුන් කන කට්ටම කැව්වා නම් ... ඔන්න රටේ නියම ජනපති කියන්නත් තිබ්බා. (මොකද ඔවුන් ඩොලර් 1000ත් කෙලින්නේ අපේ සාක්කුවේම නිසා)
හොඳ වැඩේට හොඳයි කියන්න මම අකමැති නැහැ. මම චුටි උදාහරණයක් දෙන්නම්. දැන් අවුරුදු 7 හෝ 8 කට පෙර මහින්ද මහත්මයාගේ කාලේ පැරිසියේ සිට ශ්‍රී ලංකාවට ආ ගුවන් යානය ගොඩ බැස්සුව ගමන්ම යානය තුල අමුතු කලබලයක් ඇතිවුනා. යමෙක් 15 දෙනෙකුගේ පමණ පාස්පෝර්ට් එකතුකරන්න පටන් ගත්තා. එතන හිටපු සමහර අය ගැන මම කියන්න යන්නේ නැහැ. ප්‍රංශයේ සිටින අය ඒ අය ගැන දන්නවා.. ගුවන් යානයෙන් පිටතට පැමිණි ඔවුන් එතන සිටි ගුවන් සේවා නිලධාරියෙකුට කතාකොට "..මේ ..මේ ..අපි ... ...ල ඇමතිගේ කට්ටිය. අපිව vip හරහා ගෙනියන්න. ඉක්මනට වාහන ඇවිල්ලා ඇති.." කීවා. ඒ නිලධාරියාත් වහාම අර ටිකව vip හරහා පිටතට ගෙන ගියා.එතන හිටපු අයගේ මුහුණු වල අමාරුවෙන් ආරුඪ කරගත් ප්රතාපවත් බවක් තිබුනා, මට තවමත් මතකයි.ඔය කියන ඇමතිවරයා අගමැති වෙනවා කියලා කිහිප සැරයක්ම රාවයන් පැතිරුනා.ඒ හැම වෙලාවකම ඔය කියන නෑයන් හදිස්සියේම ලංකාවට ගියා. ආපහු ආවා. නමුත් තවමත් ඔහු අගමැති වුනේ නම් නැහැ. නමුත් පැරිසියේ ඉන්න නෑයන්ගේ එකම සිහිනය තම නෑයා අගමැතිවිම දැකීමයි.
කුඩු කිලෝ 10 ක් විතර ගේනකොට ඩොලර් 1000 කජ්ජක් ද
මමත් කැමැතියි ඩොලර් 1000 ක් දීලා යන්න
මොන පර්යන්තද සාමාන්‍ය මගියන් යන විදිහට යමු නේද.
VIP හා සාමාන්‍ය අතර වෙනස මොකද්ද ? චෙක් කරන දේවල් අඩුද ? මේගැන තොරතුරු දෙන්න ඕනේ .එහෙම චෙක් කරන්නේ නැත්නම් ඒවා නැවත පටන් ගන්න ඕනේ . කවුරුත් යන්නේ ම නැත්නම් වියදම අඩුකරන්න ඒ පැත්ත ලයිට් නිවල වහල දන්නා ඕනේ .