
(සුජිත් හේවාජුලිගේ)
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
එසේම විදේශ ගමන්වලින් වැළකී සිටින ලෙසටද දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතය. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එදින සවස පැවැත්වේ.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් එකඟත්වය පළ කර ඇත.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd