(නිමල කොඩිතුවක්කු)

විශ්වාසභංගය ආණ්ඩුවේ බහුතරයෙන් ජය ගත්තත් දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ ආණ්ඩුව පරාජයට පත්ව අවසානයේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට සිදුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් මේ මොහොත වන විට රටේ බලශක්ති ක්ෂේත්‍රයේ බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තිස්සමහාරාම සුදුවැලි පැලැස්ස බක්මහ උළෙල සඳහා සහභාගී වීමෙන් අනතුරුව වෙත අදහස් පළ කරමිනි.