IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


විශ්වවිද්‍යාල ගැටළු කඩිනම් විසඳිය යුතුයි

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලූ පුරප්පාඩු පිළිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බවත් පසුගිය වසරවල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ ප්‍රතිපාදන නිසිපරිදි භාවිතයට නොගැනීම නිසා  වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් අගමැතිවරිය කීවාය.

විදේශ ණය ආධාර යටතේ රටට ලැබුණ මුදල්වලින් හරියට වැඩ කළේ  නම් මෙරට විශ්වවිද්‍යාල කේම්බි්‍රජ්, ඔක්ස්ෆර්ඩ් තත්වයට ගෙනඒමේ අවස්ථාව තිබූ බව කී අග්‍රාමාත්‍යවරිය නිවැරදිව අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘති නිර්මාණය නොවීමෙන් මුදල් නාස්තියක් වී ඇති බව ද සඳහන් කළාය.

පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙනුත් නිසි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට කොමිෂන් සභාව දෙන අනුමැතිය අවභාවිතා කරමින් සමහර ආයතන කටයුතු කරන බවත් අගමැතිවරිය සඳහන් කළාය.

විශ්වවිද්‍යාල තුළ සිදුවන ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී සහ උපාධිය ගැනීමේදී වන ප්‍රමාදය නතර කිරීමට විශේෂයෙන් අවධානය යොමු වියයුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

සබරගමුව, පේරාදෙනිය, ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම,  ශිෂ්‍ය සුභ සාධනය, පුහුණු අවස්ථා නිසි පරිදි ලබාදීම මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටළු ගණනාවක්,  උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය.

මෙම අවස්ථාවට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කපිල සෙනෙවිරත්න මහතා, උපසභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක්  සහභාගී වූහ.



අදහස් (8)

විශ්වවිද්‍යාල ගැටළු කඩිනම් විසඳිය යුතුයි

karolis Friday, 03 January 2025 08:53 PM

නියෝජ්‍ය ඇමැතිතුමා ඉඩදෙයිද විසඳන්න...?

:       2       12

k. samantha Saturday, 04 January 2025 08:39 AM

ප්‍රශ්නටික නිලධාරීන්ට බාරදී ඇත. මෙය සිසුන්ගේ කනින් රිංගීමට ගත් උත්සාහයකි.

:       0       2

රම්බොඩ Saturday, 04 January 2025 09:44 AM

විශ්ව විද්‍යාලවල දේශපාලනය කරන එක නතර කරලා, පරණ හණමිටි තාලෙට සහ කුහකකමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා එරෙහි වන දේවල් නතර කරලා නොමිලේ දෙන අධ්‍යාපනය අරගෙන රටට සේවයක් කරන ආකල්පය හදාගන්න අවශ්‍යයි. මොන භෞතික සම්පත් දුන්නත් වැඩක් නෑ ආකල්ප නරක නම්...

:       0       12

Bunny Preena Saturday, 04 January 2025 09:47 AM

ගැටළු විසඳුවොත් ඉතින් සමහර අයට පාඩුයි. හිඟන්නාගේ තුවාලය වගේ තියෙන එක තමයි හොඳ...

:       0       6

sakkaraya Saturday, 04 January 2025 10:55 AM

වි විද්‍යාල ඇතුලේ අවුල් හැදුවේ කවුද කියලා කවුරුත් දන්නවානේ නෝනේ.... ඕක විසඳන්න පුළුවනි. ඔය අවුල් ඇතිකළ අයටම තමයි..

:       0       9

Harin Saturday, 04 January 2025 05:34 PM

ඔව්, ඔව්... නැතිනම් වෑල්ඩින් කරන අය ආචාර්යවරු වෙනවා.

:       0       7

Mo77 Saturday, 04 January 2025 06:36 PM

ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක් ලෝක විශ්ව විද්‍යාල වල පළවෙනි පන්සියයකටවත් නෑ. එහෙම නැති වෙලා තියෙන්නේ ආචාර්යවරුන්ගේ මහාචාර්ය පදවි හින්දා. මේ ආචාර්යවරුන් කසිකබල් ජර්නල්වල රිසර්ච් පබ්ලිෂ් කරලා තමයි මහාචාර්ය පට්ටම් ගත් අරන් තියෙන්නේ. ඒ ජර්නල් කිසිම sci/ssci index එකක් නෙමේ. ugc කියන එක විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ට යටවෙලා තියෙන්නේ ඒක ස්වාධීන හා ආයතනයක් නොවී. ලංකාවේ විශ්ව විද්‍යාලයට බඳවා ගන්නේ තියෙන පබ්ලිෂ් කරපු පුද්ගලයින් නෙවෙයි. තමන්ගේ යටවැසි සිසුන් ඔවුන්ගේ පළමු උපාධිය. ආසියාවේ විශ්ව විද්‍යාල වන සිංගප්පූරුවට හොංකොං, චීනය වගේ රටවල් වල කොහොමද විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ..? කොහොමද උසස් වීම් දෙන්නේ? ඒ විදියට අනුගමනය කරා නම් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයත් උසස් තත්ත්වයට යන්න තිබ්බා. ලංකාවේ විශ්ව විද්‍යාලවල ඇති තරම් භෞතික සම්පත් research කරන්න තියෙනවා. ඒවා හරියට ප්‍රයෝජනයට ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ගොල්ලෝ බොරු වපුරන එක තමයි කරන්නේ. ලංකාවේ උපාධි ගන්නා දක්ෂ සිසුන්ට නිකම්ම ඉගෙන ගෙන රට හැර යනවා. ඒක රටට විශාල පාඩුවක්. මේ සිසුන් රටේ වැඩක් නොකර පිටරට පදිංචියට යනවා නම් ඒ මුදල ඔවුන්ගෙන් අය කරගත යුතුයි...

:       0       6

sakrayaSunday, 05 January 2025 06:30 AM

Mo77 මහතා, ඔබගේ කතාව හරියටම හරි. අපේ රටේ වි.විද්‍යාල පිරිහීමට දේශපාලන අතකොලු බවට පත්ව වී විද්‍යාල තුල අවුල් හදන සිසුන් , ආචාර්යවරු හා අනධ්‍යන කාර්යමණ්ඩලය විශාල මෙහෙවරක් කරනවා. අනිත් කාරණය තමන්ගේ ජාමේ බේරාගැනීමේ අරමුණෙන් පමණක් කටයුතුකරන ආචාර්ය වරුන්. ඔවුන්ගේ කාලයෙන් 80% ක්ම තම පෞද්ගලික වුවමනාවෙන් වෙනුවෙන් ගතකර ඉතිරි 20% පමණක් තම රාජකාරිය වෙනුවෙන් වැයකරනවා. ටියුෂන් කරනවා නැත්නම් උසස්පෙළ සිසුන් ඉලක්ක කර පොත් ලියා විකුණනවා. සිසුන්ගේ නිබන්ධන පවා තමන්ගේ පර්යේෂණ ලෙස පෙන්වන අයත් ඉන්නවා. අපේ රටේ සරසවි මුළුමනින්ම කණපිට හරවලා ප්‍රති සංස්කරණය නොකළොත් ඉදිරි දශක දෙක තුන තුළ මේවා බලලා මාක් එකට වැටෙනවා. සරසවි වලට ඇතුළුවන ගාස්තුවක් අයකිරීම කළයුතුයි. එය ගෙවිය නොහැකි සෑම කෙනෙකුටම රජයෙන් ලෝන් එකක් දිය යුතුයි. ඔවුන් රැකියා කරනවිට එම ණය මුදල කපාගැනීම කළයුතු අතර යමෙකු විදේශ ගතවන්නේ නම් එම ණය මුදල පොලියත් සමග අයකළ යුතුයි. අවාසනාවට මේවා කිසිම රජයක් කරන්නේ නැහැ... මොකද ඡන්දේ පරදින නිසා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති වියට්නාමයට
2025 මැයි මස 03 239 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 336 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 1231 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 508 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1383 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 592 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 563 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site