(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම වැදගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා යෝජනා කළේය.
රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
අමරතුංග මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීය.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශද එම කමිටුව හමුවේ එහිදී ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම විශ්වවිද්‍යාලයක් පුද්ගලික අංශයට පටන් ගන්න කියලා රජය පහසුකම් දෙන්න.
ඔය වාර්තාව පිස්සන් කොටුවට දුන්නා නම් ඔයිට වැඩිය ප්‍රතිඵල ලබාගන්න තිබුණා. ඔය දුන්නු කට්ටිය බලන්නේ, උනුන්ගේ පැවැත්ම පිළිස උගතුන් නැතිකිරීම මිස ඇති/ වැඩි කිරීම නොවේ..
මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ උත්සාහය සාර්ථක වේවා ... අදාළ ක්ෂේත්‍රයේ ඇතිවෙන හා ඇතිවී තිබෙන දෙස් විදෙස් රැකියා සඳහා මෙය හොඳ අවස්ථා උදා කරාවි.