
(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති තුනක් ඇතුළත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම දැනුම්දීම කළේය.
රටේ සියලුම ජනතාව මුහුණදී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත් පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලිෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල ටිකම අහෝසි කරලා දැම්මොත් නරකද?
මොන රටේද එහෙම කරන්නේ? ආදායම් ලැබුවා නම් බදු ගෙවපල්ලා...!
අපේ රටේ පර්යේෂණ කරන වි වි ආචාර්යවරුන් ඉන්නේ ඉතාම අතලොස්සයි. අනිත් අය කරන්නේ අමු බොරුව. ඒ නිසා තමන් කළ පර්යේෂණය පිළිබඳව නිසි විමසීමක් කර අදාල දීමනාව ගෙවන්න. වෙනත් රටවල නම් මේවා බද්දට යටත්...!
පිං ජනාගේ ආර්‍යාව විශ්වවිද්‍යාලයේ හින්දා බද්දෙන් නිදහස් කරගනී. අපෙන් ඒවාටත් එක්කම කපාගනියි...
මෝඩ කතා කියන්න එපා...
ආචාර්ය වරුන්ගේ මේ පර්යේෂණ වලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වයත් මේ සමගම ඉදිරිපත් කළා නම් තමයි හොඳ...!
කියන්නේ වැටුපෙන් කොටසක් ලෝකයේ කිසිම රටක පරීක්ෂණ දීමනාවක් කියලා එකක් ගෙවන්නේ නෑ කියලා. පරීක්ෂණ සඳහා fund එකක් දෙනවා... ඒක වැටුපක් නෙමේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝ අධ ්‍යාපන අමාත්‍යාංශය මෙසේ පරීක්ෂණ දීමනාවක් ලබාගත් පරීක්ෂණ ලෝකයේ උසස් මට්ටමේ ජනෙල්වල පබ්ලිෂ් කරා ද කියලා බලන්නේ නෑ. පරීක්ෂණයක් වුණාම ඒ ප්‍රතිඵල උසස් ජර්නලයක පළකර සහතික කිරීමක් ලබා ගත යුතුයි. එසේ නොමැති නම් එය ගුණාත්මක පරීක්ෂණයක් නෙමෙයි.