IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති  හැකියාව සොයා බලා සති තුනක් ඇතුළත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම දැනුම්දීම කළේය.

රටේ සියලුම ජනතාව මුහුණදී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත් පවතින ආර්ථික ගැටලු කඩිනමින්  නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ  අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (7)

විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති

Janaka Friday, 13 October 2023 09:10 PM

විශ්වවිද්‍යාල ටිකම අහෝසි කරලා දැම්මොත් නරකද?

:       1       4

Bamunuarachchi Friday, 13 October 2023 10:14 PM

මොන රටේද එහෙම කරන්නේ? ආදායම් ලැබුවා නම් බදු ගෙවපල්ලා...!

:       1       5

abaran Saturday, 14 October 2023 01:05 AM

අපේ රටේ පර්යේෂණ කරන වි වි ආචාර්යවරුන් ඉන්නේ ඉතාම අතලොස්සයි. අනිත් අය කරන්නේ අමු බොරුව. ඒ නිසා තමන් කළ පර්යේෂණය පිළිබඳව නිසි විමසීමක් කර අදාල දීමනාව ගෙවන්න. වෙනත් රටවල නම් මේවා බද්දට යටත්...!

:       0       3

සක්‍රයා Saturday, 14 October 2023 07:45 AM

පිං ජනාගේ ආර්‍යාව විශ්වවිද්‍යාලයේ හින්දා බද්දෙන් නිදහස් කරගනී. අපෙන් ඒවාටත් එක්කම කපාගනියි...

:       2       0

kasu Saturday, 14 October 2023 02:24 PM

මෝඩ කතා කියන්න එපා...

:       1       1

sajith Saturday, 14 October 2023 03:22 PM

ආචාර්ය වරුන්ගේ මේ පර්යේෂණ වලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වයත් මේ සමගම ඉදිරිපත් කළා නම් තමයි හොඳ...!

:       1       3

MO77 Sunday, 15 October 2023 07:41 AM

කියන්නේ වැටුපෙන් කොටසක් ලෝකයේ කිසිම රටක පරීක්ෂණ දීමනාවක් කියලා එකක් ගෙවන්නේ නෑ කියලා. පරීක්ෂණ සඳහා fund එකක් දෙනවා... ඒක වැටුපක් නෙමේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝ අධ ්‍යාපන අමාත්‍යාංශය මෙසේ පරීක්ෂණ දීමනාවක් ලබාගත් පරීක්ෂණ ලෝකයේ උසස් මට්ටමේ ජනෙල්වල පබ්ලිෂ් කරා ද කියලා බලන්නේ නෑ. පරීක්ෂණයක් වුණාම ඒ ප්‍රතිඵල උසස් ජර්නලයක පළකර සහතික කිරීමක් ලබා ගත යුතුයි. එසේ නොමැති නම් එය ගුණාත්මක පරීක්ෂණයක් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site