
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.
මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.
සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා මේ බව කීවෙි "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ගුණසිරි මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝට් සිටිය හදන්න සීගිරි ගල කඩන්න වෙනවායි කියපු අයනේ ඔය බොරු කට උල්කරලා කිව්වේ...!
බොරු කියලාම තමයි තට්ටේ පෑදිලා තියෙන්නේ. කවුද ඔය "හදපු බොරු" කතාව කියන්න කිවේ? රනියා නේද? හොරුන්ට කඩේ ගිහින් නිකම් ඇන ගන්න එපා.
බිලියන 90ක් බොහොම පොඩි ගාණක් නේ.. දුප්පත් මිනිස්සුන්ට බදුපිට බදු ගහලා බිලියන 90 එකතු නොකර ඉන්නේ මොකද කියලා පැහැදිලි කරා නම්... විශේෂයෙන්ම අර අරක්කු කොම්පැනි කාරයින්ගේ බදු මොකද එකතු නොකරන්නේ?
දී කිරට බළලුන් සාක්කි කිව්වාලු..!
අම්මෝ අම්මෝ බොහොම ස්තුතියි..! ඉක්මණට ඇවිල්ලා දැනුවත් කළාට...!
එක එක දේශපාලුවන්ට කහින්නේ නැතුව රාජ්‍ය සේවකයෙක් විදියට අදාල වැඩක් බලාගෙන හිටපන්
මේ බදු වංචා කරන්න දීලා ව්‍යාපාරකයින්ගෙනුත්, ඒ පිළිබඳව සත්‍ය ජනතාවගෙන් දැක්වීමට උත්සාහ කරමින් වංචනික පාලකයින්ගෙන් තුටු පඬුරු ගන්න කොමිස් ජනරාල් කෙනෙක් වගේ.
සුරා බදු කොමසාරිස් කොහොමද දේශීය ආදායම් සහ රේගුව වෙනුවෙන් ඉලක්කම් කියවන්නෙ? ඒක පැහැදිලි කරන්න. එතකොට හොර ස්ටිකර් ගැහුවෙම නැද්ද? එහෙම ජාවාරමක් ලේසියෙන් අතහරින්න පුලුවන්ද නීතියක් තියෙන රටකට? සුරාබදු නිළධාරින්ගෙ වත්කම් බැලුවම රජයට එන බදු කොහෙද කියල හොයන්න පුලුවන් . මම දන්න සුරාබදු නිළධාරියෙක් හරහා අඩුමිලට බොතල් ගත්ත කෙනෙක් බාර් එකකින්, එහෙම වෙන්නෙ කොහොමද
එසේනම් දත්ත සමග ඔප්පු කරන්න. නිශ්පල ආකාරයේ ප්‍රකාශන දත්ත විරහිතව කීම පිළිගත නොහැකි දෙයක්. කොමසාරිස් හෝ කවුරු කීවත් දූෂිත රාජ්‍යයක විනිවිද භාවයෙන් තොරව කරන ප්‍රකාශ පිලිගත නොහැකියි.
මේ හොරා කියන්නෙ බොරු.
ඉතින් ගුනසිරි ක්‍රම සහ විදි කාරක සභාවට එන්න කියපුවාම හැංගෙන්නෙ නැතිව එකට ගිහිල්ලා ඔය කතාව කියන්නකෝ. පාලු ගෙයි වලං බිඳින්නෙ නැතිව. ඔයා එක බොරුවක් කියලා කියනවානම් කාරක සභාවට ගිහිල්ලා පාඨලී මහත්තයට අභියෝග කරන්න්කෝ එයා කිවේ බොරු කියලා.
නව පාලනයකින් ගෙදර යන්න ඕනෑ දූෂිත නිලධාරීයෙක්
මූණේ තියෙන තක්කඩි පාට ...
දිය කිරට බළලුත් සාක්ෂි කියලා කිව්වලු, ඒ වගෙයි තමයි මෙයාගේ කතාවත්, මෙයා කියන කතාව ඇත්ත නම් පාර්ලිමේන්තුවට ඉදිපත් කරලා තියෙන වාර්තාවල බොරු හො අසත්‍ය තොරතුරු ඇතුලත් කරලා තිබෙන බවයි පෙනෙන්නේ. එහෙම නම් ඒකට විරුද්ධව මෙයාට දඩුවම් කලයුතු වෙනවා.
තව ටිකදොහක් ඉවසන්නකෝ.... ඔයාලා හම්බ කරගත්තු විදිහත් ඔප්පුකරලා රජයේ ලේඛන හදපු විදිහත් පෙන්නන්නකෝ... ඊට පස්සේ බැරි යැයි කොච්චර කල් කූරු ගනින්න වෙයිද කියලා බලන්න.