
(සුජිත් හේවාජුලිගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මින් තුන් කෝටියකට ආසන්න මුදලක් පසුගිය වර්ෂය වනවිටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මීට අමතරව විදෙස්ගතව සිටින විශ්‍රාමිකයන් 118 දෙනෙකුට පසුගිය 2022 සහ 2023 වර්ෂ වලදී රුපියල් 33 ලක්ෂයකට වැඩි මුදලක් ආදේශීය ලේකම් කාර්යාල 14කින් වැඩිපුර ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය පසුගිය වසරේ අවසානය වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල එකොළහකින් විශ්‍රාමිකයන් හැත්තෑ නව දෙනෙකුගෙන් රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගත යුතුව පැවතුණු බවත් සඳහන්කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 විශ්‍රාම වැටුප් සංශෝධනය කරන අවස්ථාවේ මම දන්නා විශ්‍රාමික ගුරුවරියක් විශ්‍රාම ලබද්දී එක් වැටුප් වර්ධකයක් අඩු වැටුපක් ලැබුවා තවත් කෙනෙක් එකක් වැඩියෙන් ලැබුවා.. ඒත් ඉහත සංශෝධනය මගින් අඩු වැටුප් ලැබූ කෙනාට රුපියල් හයදහස් ගණනක් වැඩියෙන් සකසා වැඩියෙන් ලැබූ කෙනාට අඩුවෙන් සැකසීම කළා... විමසීමක් කළාම සේවයේ සිටියදී වැඩියෙන් ලැබූ කෙනාට උසස්වීමක් ලැබීම වෙනුවෙන් ලැබී තිබූ වැටුප් වර්ධකය කපාහැර වැටුප් අඩුකර නියමාකාරයෙන් ගෙවාතිබූ වැටුපෙන් අයකිරීමට එහි අභ්‍යන්තර විගණන අංශය කටයුතු කළා... කොහොම වුණත් 2019 විශ්‍රාම වැටුප් සංශෝධනය පරිගණක වැඩ සටහනක් මගින් කිරීම හා එහි සමහර වගන්ති විකෘති වීම මෙයට හේතුවක් වුණා කියන්න පුළුවන්... අන්තිමට කෙනෙකුට වැඩියෙන් වැටුප් සැකසීම කළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරි වැරැදි වැටුප් ලැබූ ගුරුවරියට කියලා තියෙනවා. අහවලාගේ ඉල්ලීම මත මිස්ගේ වැටුප් අඩුකරන්න වෙනවා කියලා දැන් යාලුවෝ දෙන්නා නයි මුගටි වගේ විරසකව ඉන්නේ... ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින්ගේ ඔලමොට්ටල ක්‍රියාවන් නිසා තමයි...