
(රෝෂන් තුෂාර)
විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක හා සහායිකාව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය.
තිලකාවතී අබේසිංහ හා ප්‍රදීප් සමන්ත පෙරේරා යන සැකකරුවන් මෙසේ බන්ධනාගාර ගත කළේය.
සැකකරුවන් පෙරේදා දින අත්අඩංගුවට ගත් බවත් ,ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
පැමිණිලිකාර තැනැත්තිය මියගිය සැමියාගේ විශ්‍රාම සහ පාරිතෝෂිත දීමනා ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත්,එහිදී කටයුතු කරදීමට රුපියල් 35000 මුදලක් ඉල්ලා ඇති සැකකරුවන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් තිස්දහස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව ද පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ සේනාරත්න මහතා පෙනී සිටි අතර පළමු සැකකාරිය පැමිණිලිකාරියගේ සැමියාව හොඳින් දන්නා කෙනෙකු බවත්,අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය. කෙසේ වෙතත් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීමක් නොකරන බවද නීතිඥවරයා පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ බොහෝ ආයතනවල බොහෝ සේවකයින් උසස් හෝ කා.කා.ස. වැනි රැකියා කරන අයද අල්ලස් ගැනීමට හුරු වී ඇති වග පෙනේ. ඉතා හොඳ ගෞරවණීය සේවකයින් ද ඇත.
මා ඉතා හොන්දින් දන්නා කෙනෙකුගේ විස්‍රාම වැටුප් පාරිතෝසිකය හදාගත්තේ 2009 වසරේදී රු.10,000ක පගාවක් දීලා. 2016 දී අනතුරකට ලක්වී ඇවිදින්ඩ බැරුව ගියා..එ නිසා ග්‍රාම සේවකගේ සහතිකය ඉද්‍රිරිපත් කරන්ඩ බැරිවූ නිසා විස්‍රාම වැටුප් ගෙවීම් නැවැත්වූවා.මා දන්න විදියට ඔහු ඉතාම හොන්දින් අවන්කව තම රාජකාරිය කරපු කෙනෙක්.දැනට .විදෙස් රටක හොදින් ජීවත්වෙනවා.
අපි කතාකරන්නේ AI ගැන ඕනෑම අති බහුතරයක් අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. තරුණ පිරිසගෙන් බහුතරයක් කොයි වෙලේ බැලුවත් FB හෝ YouTube එකේ... නමුත් ඉතාම සරල පරිගණක ක්‍රියාවලියක් හරහා කළ හැකි විශ්‍රාම වැටුප් වාර්තාවක් සැකසීම වගේ දෙයක් කරගන්න එම දෙපාර්තමේන්තුවට බැරි වීම කණගාටුවට කරුණක්. යම් සේවකයෙක් රජයේ සේවයට ඇතුලත්වෙනකොටම එය විශ්‍රාම යන දවස දන්නවා. ඉතින් අඩුම ගණනේ වසරින් වසරවත් එක එක සේවකයාගේ විශ්‍රාම වැටුප් විස්තර එම දෙපාර්තමේන්තුවට තම දත්ත පද්ධතියට ඇතුළත් කරගන්න බැරි නම් අපි ලැජ්ජා විය යුතුයි. නිකරුනේ මිනිස්සු රස්තියාදු කරවනවා. මේවා හොර ගුහාවල්. අකාර්යක්ෂම බවින් අංක එකට කිට්ටුයි. හැම මගුලකටම දේශපාලකයින්ටම බැන බැන ඉඳිමු..