(සුජිත් හේවාජුලිගේ )
වයස 63න් පසු විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මේ අනුව වෛද්‍යවරුන් පනහකට ආසන්න පිරිසක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට දැනටමත් සම්බන්ධවී සිටින බවද ඔහු සඳහන් කළේය.
විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව පැවසූ අමාත්‍යවරයා මෙය වෛද්‍ය හිඟයට එක පිළියමක් පමණක් බවද ප්‍රකාශ කළේය.
මේ අතර විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විශාල පිරිසක් විදේශයන්හි සේවයට යෑම හේතුවෙන් මෙම පුරප්පාඩු ඇතිවිය.
වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රටපුරා බොහෝ රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාම ගිය වෛද්‍යවරු 500ක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට
Mh Mohan Thursday, 14 September 2023 06:23 PM
බොහෝ දොස්තරලා යන්නේ USA, UK, Newzealand සහ Aussi, ඒ උනාට ලංකාවේ තරම් එයාලට ලැබෙන දෙයක් නෑ .කිසි දෙයක් නොදැන යන්නේ
අරවින්ද මොනරවිල Thursday, 14 September 2023 08:25 PM
දේශපාලනය විනාශ කෙරුවා වගේම සෞඛ්‍ය සේවයත් විනාශ කරනවා මේ මහලු වැඩ බැරි දේශපාලඥයින්...
සල්ලි Friday, 15 September 2023 07:25 AM
මුකුත්ම නොදත් නල්ල මලේ බබා...
Nimal Friday, 15 September 2023 01:24 PM
මෙයාලා කරන්නේ, දවසින් දවස එකඑක තාවකාලික පැලැස්තර දාලා ශේප් කරගන්න එක. දීර්ඝ කාලීන විසඳුමක් නෑ.. එක ප්‍රශ්නයකටවත්...