IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විවාහ ලියාපදිංචි පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම සඳහා විවාහ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බවත්, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බවත් සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීම සපුරාලිය යුතු නියමයන් ඇතුළත්විය යුතු අතර, විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම, විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම සඳහා විධිවිධාන එහි ඇතුළත්ව නොමැකි බැවින් එය සංශෝධනය කිරීමට නියමිත බව ඇමතිවරයා කීවේය.

රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මීට අමතරව සහ අන්තිම කැමති ආඥාපනත, අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව මත අවලංගු කිරීමේ පනත සහ අන්තරායකර සත්ව ආඥා පනත සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල හිමිව ඇත.

අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා ඉදිරිපත් කළ යෝජනාවන්ට මෙම අනුමැතිය හිමිව තිබේ. 



අදහස් (0)

විවාහ ලියාපදිංචි පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site