IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වැව්වල වතුර මට්ටම අඩියේ: විදුලි උත්පාදනයට බාධා

(යොහාන් භාසුර)

ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වන විට ඉතා අඩු මට්ටමක පැවතීම නිසා ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා ඇති වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මෙම මහවැලි ජලාශවලින් පානිය ජල අවශ්‍යතා සහ  කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ජල විදුලිබලය ජනනය කිරීමට ජලය  මුදාහැරීම සීමා කරන බවත් විදුලිය අරපිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් විදුලිබල අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාසල්රි ජලාශමේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 13.41 දක්වා පහළ බැස ඇති අතර ඉතිව ඇති ජල ප්‍රමාණයෙන් ජනනය කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 15.7 ක් බවත් එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවෙන් සියටය 16.5 ක් බවත් මණ්ඩලය සඳහන් කරයි.

මාඋස්සාකැලේ ජලාශමේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 12.84 දක්වා පහළ බැස ඇති අතර ඒ අනුව එම ජලාශයේ වර්තමාන ජල ප්‍රමාණයෙන් ජනනය කළ  හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 87.7 කි. එය එම ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් සියයට 30.9 කි.

සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 23.24 දක්වා පහළ බැසීම නිසා විදුලි ජනනය ගිගාමවාට් පැය 23.24ක් අඩු වී ඇති බවත් එය සමස්ත ධාරිතාවෙන් සියයට 16.3 කි.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 24.10 දක්වා පහත බැස ඇති අතර එම ජලාශයේ ජල පරිමාව අනුව විදුලිය ජනනය කළ  හැක්කේ ගිගාමවාට් පැය 31.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් සියයට 22.1 කි.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 24.72 දක්වා පහත වැටීමෙන් විදුලිය ජනනය ගිගාමවාට් පැය 152.6 ක් දක්වා අඩුවූ අතර එය සමස්ත ධාරිතාවයෙන් සියයට 34.5 කි.

රන්දෙණිගල ජලාශමේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 8.48 දක්වා මේ වන විට පහළ බැස ඇති අතර ඒ හේතුවෙන් එහි විදුලිය ජනනය ගිගාමවාට් පැය 60.5 ක් පහත වැටී ඇති බවත් එම ප්‍රමාණය සමස්ත විදුලිය ධාරිතාවයෙන් සියයට 56.3 කි. 

 



අදහස් (1)

වැව්වල වතුර මට්ටම අඩියේ: විදුලි උත්පාදනයට බාධා

Lansa Wednesday, 23 March 2022 12:51 PM

බලන්න අර පවිත්‍රා ඔය වතුරට විසිකරපු කළගෙඩිය හම්බ වෙයිද කියලා දැන්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site