මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
මෙහිදී එම පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කරනු ලැබීය.
වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රම ශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගනු ලැබීය.
(28535)

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් හොඳ වැඩක්.
මොලේ පරීක්ෂා කල යුතු අය දෙදෙනෙකු එකම ඡායාරූපයේ
මොලේ පරික්ෂා කිරීම කෙසේ වෙතත් මේ අයගේ සුභාසාදනයට කටයුතු කිරිම නම් හොදයි. එහෙම නොකරන්නේනම් තමයි මොලේ පරික්ෂා කල යුත්තේ...
රාජකාරිය කරමින් තම වටිනා ජීවිතය අභාග්‍යසම්පන්න නැතිවීම පිලිබඳව අප සියල්ලෝම අවංකව කණගාටු වන්නෙමු. රටේ මුල් පුරවැසියා අඩුතරමින් එක් දිනක් හෝ එසේ එම පවුලේ සමාජිකයන් මුණ ගැසීම අප අගය කරන්නෙමු. මෙය මහින්ද කරත්, රනිල් කරත්, රතු මලයලා කරත් අප එය අගය කරන්නෙමු.