IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වව්නතිව් හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙති

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
 
මෙහිදී එම පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කරනු ලැබීය.
 
වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. 
 
එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රම ශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගනු ලැබීය. 

(28535)

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (4)

වව්නතිව් හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙති

lanka Tuesday, 11 December 2018 02:29 PM

මේකනම් හොඳ වැඩක්.

:       0       0

nishantha Wednesday, 12 December 2018 01:31 AM

මොලේ පරීක්ෂා කල යුතු අය දෙදෙනෙකු එකම ඡායාරූපයේ

:       337       119

Darshana Wednesday, 12 December 2018 06:18 AM

මොලේ පරික්ෂා කිරීම කෙසේ වෙතත් මේ අයගේ සුභාසාදනයට කටයුතු කිරිම නම් හොදයි. එහෙම නොකරන්නේනම් තමයි මොලේ පරික්ෂා කල යුත්තේ...

:       1       285

Raveendra Wednesday, 12 December 2018 03:32 PM

රාජකාරිය කරමින් තම වටිනා ජීවිතය අභාග්‍යසම්පන්න නැතිවීම පිලිබඳව අප සියල්ලෝම අවංකව කණගාටු වන්නෙමු. රටේ මුල් පුරවැසියා අඩුතරමින් එක් දිනක් හෝ එසේ එම පවුලේ සමාජිකයන් මුණ ගැසීම අප අගය කරන්නෙමු. මෙය මහින්ද කරත්, රනිල් කරත්, රතු මලයලා කරත් අප එය අගය කරන්නෙමු.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site