
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැල්ලවත්ත 47 පටුමගේ වැඩබිමකදි ප්‍රයිම් මුවර් රථයක කිලෝ 500 ක පමණ බරකින් යුත් රෑම්ප් කොටස කඩා වැටී එම රථයේ සහායක මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කැලණිය , ඊරියවැටිය ,අංක 537 ලිපිනයේ පදිංචිව සිටි එස් .ඒ. සරත් පෙරේරා නැමති 61 අයයි.
පුද්ගලික සමාගමක් මගින් ඉදි ඉදි කරමින් පවතින තට්ටුගොඩනැගිල්ලක් සඳහා රැගෙන ආ පයිලින් යන්ත්‍රයක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම්ව ප්‍රයිම් මුවර් රථයේ ලොබෙට් ටේලරයට පැටවීමට යාමේදී එම කොටස එකවරම කඩා වැටී එම රථයේ සහායක ලෙස කටයුතු කළ එයට යටවී බරපතල තුවාල ලබා තිබූ බව පොලිසිය කියයි.
එම පුද්ගලයාව කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව මඳ වේලාවකට පසු මිය ගොස් ඇත.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd